රේවතීගේ සාපය

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
rewathige-sapaya-thilaka-kudahetti-dayawansa-jayakodi

ආත්මගත මිතුරු යුවලකගේ වෛවාහික ඒකාත්මික ජීවිත බන්ධනය වන්නේ අව්‍යාජ ප්‍රේමයේ රන් කෙන්දෙනි. ඔවුහු ප්‍රේමයෙන් හා දයාවෙන් ආශීර්වාද ලත් දරුවන් ලබති. එහෙත් සරාගී කාමයේ පොල් කෙන්දෙන් බන්ධනය වන්නේ ආත්මගත සතුරන්ය.

ඔවුහු කාමයෙන් සාපලත් දයා විරහිත කෲර දරුවන් ලබති. මෙම සනාතන දහම් න්‍යාය පාදක කොට ලියැවුණු සංසාර බන්ධන හා අකාල මේඝය නවකතා යුග්මයේ අවසන් පුරුක වූ රේවතීගේ සාපයෙන් ගම්‍ය වන්නේ කතා නායිකා ජනාකීට මෙන් ම ඇගේ එකම දියණිය වූ භවානිට ද විවාහයට ලැබෙන්නේ ආත්මගත සතුරන් බවය. ලෙයින් හා කඳුළින් ලියැවුණු මේ අනුවේදනීය ආදර අන්දරය නූතන තරුණ පරපුරේ ද දුක්බර ශෝකාලාපය බව ලේඛක තිලක කුඩාහෙට්ටි රේවතීගේ සාපය තුළින් සුන්දර ලෙස ගෙත්තම් කර ඔබේ දෑසට කඳුළු කාන්දු කරවයි.

Author තිලක කුඩාහෙට්ටි - Thilaka Kudahetti (46)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556860757
පිටු ගණන 303
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රේවතීගේ සාපය
Back to Top