රිවර්ටන් මැදුර
ප්‍රේමයක්, අබිරහසක් සහ රහසිගත අතීතයක හෙළිදරවු කිරීමක් පිළිබඳ කතාවක්.
1924 ගිම්හානය
ජෝතිමත් ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙන සන්ධ්‍යාවක, ගම්බද ඉංග්‍රීසි ප්‍රභූ මැදුරකදී, තරුණ කවියෙක් සිය පණ නසා ගනියි. එම මරණයෙහි එකම ඇසින් දුටු සාක්කිකරුවන් යුගලය වෙන හැනා සහ එමලින් හාඩ් දෙසොහොයුරියෝ නැවත කිසි දිනෙක එකිනෙකා සමග කතාබස් නොකරති.
1999 සිසිරය
කවියාගේ සිය දිවි නසා ගැනීම පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින තරුණ අධ්‍යක්‍ෂකවරියක් වරෙක රිවර්ටන් මැදුරේ සේවිකාවක වූ දැන් අනූඅට හැවිරිදි වියේ පසු වන ග්‍රේස් බ්‍රැඩ්ලි හමුවීමට පැමිණෙයි. අවතාර නොසන්සුන් වෙති. දීර්ඝ කාලයකට පෙර ග්‍රේගේ මනසේ අඳුරු අහුමුලුවල සිර කර තැබුණු මතකයන් එබිකම් කිරීම අරඹයි. කම්පනයට පත් කරවනසුලු රහසක් හෙළිදරවු වීමේ තර්ජනයක් ඇති වේ. එය ඉතිහාසයට අමතක වූ නමුදු ග්‍රේස් හට කිසි දිනෙක අමතක කර දැමීමට නොහැකි වූ යමකි.
යුද්ධයෙන් විනාශ වූ එඩ්වඩියානු ගිම්හානය ආශාවන් සන්තර්පණය කිරීම ප්‍රමුඛ කරගත් එක්දහස් නවසිය විස්සේ දශකයට ඉඩ ලබා දුන් කාල සීමාවේ සිදුවීම් පසුබිම් කරගත් 'රිවර්ටන් මැදුර' ත්‍රාසජනක අබිරහසකි, ආකර්ෂණීය ආදර අන්දරයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.