සැඟවුණු උද්‍යානය
ඇගේ දැස ඉදිරිපිට උයන වෙනස් විය. දශක ගණනාවක් පුරා වැවුණු තණකොළ සහ කටු පඳුරු පසු බැස්සේය. අඩි පාර, මල් පාත්ති සහ ගෙවතු අසුනක් නිරාවරණය කරමින් බිම වැටුණු පත්‍ර පොළොවෙන් ඉවත් විය. ආලෝකයට නැවත වරක් පිවිසීමට අවසර ලැබිණි
1913
පළමු ලෝක මහා සංග්‍රාමය ඇරඹීමට ආසන්න කාලයේදී, එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාව බලා කෙරුණු වෙහෙසකර සමුදුරු ගමනකින් අනතුරුව අත් හැර දැමුණු කුඩා දැරියක් සොයා ගනු ලැබේ. එම චාරිකාව ගැන ඇගේ මතකයේ තිබෙන එකම කරුණ නම් ඇය ‛ලේඛිකාව’ නමින් හැඳින්වූ අබිරහස් කාන්තාවක් ඇයව රැක බලා ගැනීමට පොරොන්දු වූ බවයි. එහෙත් මෙම ලේඛිකාව’ කිසිඳු ලකුණක් නොතබා අතුරුදහන්ව ගොසිනි.
1975
දැන් වියපත් කතක් වන නෙල් ඇගේ මව්පියන් පිළිබඳ සත්‍යය සොයා එංගලන්තය බලා යන්නීය. ඇගේ ගවේෂණය ඇයව කෝන්වෝල් කරා, මවුන්ට්ෂේ නමැති පවුලකට අයත් බ්ලැක්හර්ස්ට් මන්දිරය නමැති සුන්දර වතුයායක් කරා කැඳවාගෙන යයි. මෙතරම් වසර ගණනාවකට පසුව මෙවැනි ගමනක යෙදීමට නෙල්ව පෙළඹවූයේ කුමක්ද?
2005
නෙල්ගේ මරණයෙන් අනතුරුව ඇගේ මිනිබිරිය, කසාන්ඩ්‍රාට පුදුම හිතෙන උරුමයක් හිමි වේ. බ්ලැක්හර්ස්ට් මන්දිර වතුයායේ පිහිටි ක්ලිෆ් කොටේජය එහි රහස් - විනාශයට පත් වූ
මවුන්ට්ෂේ පවුල පිළිබඳ රහස් - නිසා ප්‍රදේශයේ ජනයා අතර කුප්‍රකටය. එනමුදු, කසාන්ඩ්‍රා එම පවුල පිළිබඳ සත්‍යය සහ දශක ගණනාවකට ඉහතදී කුඩා නෙල්ව අත් හැර දැමුවේ ඇයිද යන්න සොයා ගන්නේ වසර ගණනාවක් පුරාම අත් හැර දමා පැවති මෙම ක්ලිෆ් කොටේජයේදී සහ එයට අයත් මතකයෙන් ගිලිහුණු උයනේදීය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.