Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සමුදුරු විලාපය
About this book

සමුදුරක් අසල මන්දිරයක වෙසෙන සොයුරියන් දොළොස්දෙනෙක් ශාපයට ලක් වෙති.

ඇනලී සිය සොයුරියන් සමග හයිමෝ මන්දිරයෙහි සුරක්‍ෂිත ජීවිතයක් ගත කරයි. වරක් සොයුරියෝ දොළොස්දෙනෙක් සිටියහ. එනමුදු, ගැහැනු ළමුන් සතරදෙනෙකුගේ ජීවිත අකාලයේ අවසන් වූ බැවින් දැන් මන්දිරයෙහි විසල් ශාලා හුදෙකලාවෙන් පිරී පවතී. එම සෑම මරණයක්ම පෙර මරණයට වඩා ඛේදනීය විය.

තමන්ට දක්නට ලැබෙන අවතාරමය දර්ශන සමූහයක් හමුවේ විපිළිසර වෙන ඇනලී තම සොයුරියන්ගේ මරණ හදිසි මරණ නොවේ යන සැකයෙන් පෙළෙන්නීය. මෙම ගැහැනු ළමෝ සෑම රාත්‍රියකම ජෝතිමත් ආලිංගන නැටුම්වලට සහභාගී වීම උදෙසා මන්දිරයෙන් රහසින්ම පිටතට ගියහ. ඔවුහු සේද ගවුමින්, දිලිසෙන සපත්තුවලින් සැරසී අරුණෝදය වෙනතුරුම නර්තනයෙහි යෙදුණහ. ඔවුන්ව නතර කිරීමට උත්සාහ කළ යුතුද, නැත්නම් ඔවුන්ගේ තහනම් රහසිගත හමුවීම්වලට තමන්ද එකතු විය යුතු දැයි ඇනලී හට සිතා ගත නොහැකිය. කිමද ඔවුහු සැබැවින්ම නර්තනයෙහි යෙදෙන්නේ කවුරුන්-නැත්නම් කුමක්-සමගද?

තමන්ගේම කියා රහස් සහිත අබිරහස් ආගන්තුකයකු සමග ඇනලී ඇති කර ගන්නා බැඳීම වර්ධනය වීමත් සමග මීළඟට ඇයවත් ගොදුරක් කර ගැනීමට පෙර ඇගේ පවුල වසා පැතිරෙන අන්ධකාරය පිළිබඳ තතු සොයා ගැනීම වඩාත් ඉක්මනින් සිදු කිරීමට සිදු වේ.

'සමුදුරු විලාපය' යනු මායා බලය සහ දිගු, අඳුරු බරාඳ ඔස්සේ ඇසෙන සිනිඳු සායවල සර සර හඬෙන් පිරුණු, ආකර්ෂණීය නවකතාවකි.

ISBN
9786246585266
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සමුදුරු විලාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.