Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෝමාන්තික නිද්‍රාවක්

රෝමාන්තික නිද්‍රාවක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"සර්.. මට මැරෙන්න ඕනේ.

මේ අහන්න අකේන්‍යා, ඔයා හිතන්නේ මැරෙන එක මේ හැමදේටම විසඳුමක් කියලද”

ඔහු මගේ උරහිස මත අතක් තැබුවේය. ඒ ස්පර්ශය මට කුළුඳුල් වුවද, ඉන් මා තුළ කිසිඳු තිගැස්මක් ඇති නොවිණි. පියෙකුගේ සෙනෙහස හමුවේ නිවීසැනසෙන දියණියක මෙන්එ මම ඒ මොහොතේ සැනෙකින් නිවුනෙමි.

එහෙත්, සිතේ නිදිගෙන තිබූ ඒ අසහනකාරී ලාවා ගිනිකන්ද මොහොතකින් අවදි විය. ඉන් පිටාර ගැලූ උණුසුම් දුක් ගින්නෙන් මගේ මුළු හදවතම දැවී අළුවී යන අයුරු මට දැනුණි.

“තාත්තාට ඒඩ්ස් තිබුණේ බඳින්න කලින් ඉඳන් නම්, මටත් අම්මාට වගේම ඒඩ්ස් ඇති සර්, මම මරණ වරෙන්තුවක් අතේ තියන් ඉපදුණු කෙනක් සර්.

මම දෑතින් මුහුණ වසාගෙන හඬා වැටුණෙමි.

ISBN
9786245673520
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෝමාන්තික නිද්‍රාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.