රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම
About this book
මෙහි දී අපගේ විමසුම් ඇස නාභිගත වන ප්‍රශ්නාර්ථිකය වන්නේ නූතන රෝමාන්තික ප්‍රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දේ, යලි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයි ද යන්න යි. ප්‍රේමයේ මෙම ගතිකය Falling in love ලෙස හඳුන්වන ප්‍රේමය තුළට ඇදවැටීම යන්නට පටහැණි වෙයි. ඉහත කෘති සමස්තය සියුම් ලෙස සහ අන්තර් - පඨිතමය ලෙස කියවමින් ප්‍රේමය තුළට ඇද නොවැටෙන නූතන ලාංකේය ප්‍රේමයේ දුරවබෝධ ගතිකයන් සොයා යාමට මෙහි දී අප උත්සාහ කරමු.
මේ කියවීම තුළ න්‍යයයික සංකල්පවලට අනුව ආඛ්‍යාන රාමුගත කිරීම වෙනුවට අප සිදු කිරීමට උත්සාහ ඇත්තේ ආඛ්‍යාන තුළ පුනරාවර්තනය වන සාධක ඔස්සේ සංකල්පීය ප්‍රවර්ග නිර්මාණය කර ගැනීමයි. එම සංකල්පීය ප්‍රවර්ග යම් යම් න්‍යායයික සංකල්ප සමඟ සමාන්තර වන අවස්ථාවන් හි දී වූවත් අප එම සංකල්ප සමඟ මෙම ප්‍රවර්ග අනන්‍ය කරන්නට උත්සාහ කර නැත. මෙම කෘතිය ලාංකේය සාහිත්‍ය කියවීමේ භාවිතයන්ට සේම ප්‍රේමය පිළිබඳ සංකල්පගත කිරීමට ද යම් එකතු කිරීමක් සිදු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
Details
ISBN
97862455461211
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review