Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජනකතා / රූකඩයෝ හතරදෙනා ඇතුළු රට රටවල ජනකතා

රූකඩයෝ හතරදෙනා ඇතුළු රට රටවල ජනකතා

About this book

රටක හෝ ජන සමාජයක කට වහරින් ලිඛිතව, රඟ දැක්වීම මගින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් සම්ප්‍රදායිකව පැවත එන කතා ජන කතා නම් වේ. ඇතැමුන් ජන කතා දකින්නේ නොදියුණු නූගත් පොදු මිනිසුන්ගේ පුංචි සිත් තුළ ඇතිවූ ප්‍රාථමික හැඟීම් ලෙසටය. නමුත් ජන කතාවක් යනු ජන සමාජයක භෞතික, මානුෂික, සමාජයීය හා සංස්කෘතික දිවිපැවැත්ම මෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් ගෙනහැර පාන කැඩපතක් බඳු දෙයකි. ලේඛන කලාව ප්‍රකට නොවූ යුගයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මේවා අධ්‍යයනය කිරීම මගින් අපට ජීවිතයට බොහෝ පාඩම් උගත හැකිය. ඊසෝප්ගේ උපමා කතා, පංච තන්ත්‍රය, අරාබි නිසොල්ලාසය හා බෞද්ධ ජාතක කතා ආදිය ප්‍රකට ජන කතාවලට නිදසුන්ය. එක් එක් රටවලට ආවේණික ඔවුන්ගේ ජන කතා පරිශීලනය මගින් අපට රට හා ජන සමාජය පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රාශියක් උකහා ගත හැකිය. ලෝකයේ එකිනෙකට වෙනස් භූමි කලාපවල පිහිටි රටවල් 9 ක ජන කතා එකතුවක් අඩංඟු මෙම රූකඩයන් හතරදෙනා සහ රට රටවල ජනකතා' ග්‍රන්ථය ඒ සඳහා මහඟු පිටිවහලක් වනු ඇත.

ISBN
9786246585440
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රූකඩයෝ හතරදෙනා ඇතුළු රට රටවල ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.