රුද්‍රායු
''මං ලංකාවෙන් යන්න කලින් අනිවාර්යයෙන් ඒකාව හීලෑ කරන්න ඕනෙ. මොකද, එයා කැලෑවට අයිති ඇතෙක් නෙමේ. එයා හීලෑ ඇතෙක්ගෙ පැටියෙක්. එයා ඉන්න ඕනෙ එයාට අයිති තැන. සමහර මිනිස්සු විසින්ම එයාට අහිමි කරපු එයාගෙ පරම්පරාව වගේම එයාගෙ තැන. එයා ඉපදුණු තැන, එයා කොහොමහරි ආපහු ලබාගන්න ඕනෙ.”
''උඹට විශ්වාසද ඒ ඉන්නෙ වලව්වෙ ආයුමයි කියලා? එහෙම නොවුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා."
''ඒ ඉන්නෙ මගෙ ආයු. ඉපදුණු දා ඉඳන් එකට සෙල්ලම් කරපු සතාව මම අඳුරන්නෙ නැද්ද බං? මට සීයට අනූ නවයක් විශ්වාසයි ඒ ඉන්නෙ මගෙ පුංචි කාලෙ යාළුවා කියලා.''
"එතකොට ඉතිරි සීයට එක?”
"ඒ සීයට එකත් විශ්වාස කරන්න නම්.. ඔප්ෂන් තුනක් තියනවා. එක්කෝ ආග්‍රව මෙහෙ ගෙන්නන්න වෙනවා. තමන්ගෙ දරුවාව තාත්තෙක්ට අඳුරගන්න බැරි නෑ. එහෙම නැත්නම් ආයුගේ ජීවිත කාලෙන් බාගෙට භාගයක්ම එයාට නැති කරපු ආග්‍යව ගෙන්නන්න වෙනවා. ලංකාවෙම ඇත්තුන්ගෙ අසනීප හොඳ කරන එයාට, තමන්ගෙ වලව්වෙ ඇත් පැටියාව අඳුරගන්න බෑ කියන එක විහිළුවක්. අනිත් එක....”
''අනිත් එක මොකද්ද?”
̋එහෙම නැත්නම් මගෙ මැරිච්ච නංගි, ආරාධිව ගෙන්නන්න වෙනවා. ආයුට සාධාරණයක් කරන්න නම් එයාට ආපහු මරණෙන් නැගිටින්නම වෙනවා!”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.