රුහිරු මායාවි

Special Price රු. 765.00 Regular Price රු. 850.00
Out of stock
SKU
ruhiru-mayawi-r-l-stine-sudath-rohan-keshi-books

ජනේලය දෙස නොසැලී බලා සිටින රෙන්ස්ට එක් හදවතක රිද්මයක් පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ විශේෂ හෘද ස්පන්දනය ලෝරාගේ ය.

"මම ඔයාව හොයාගෙන ආවා ලෝරා... ඔයාගේ හදවත ගැහෙන්නේ මම වෙනුවෙන් කියලා මම දන්නවා. මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවා.. ඔයා පස්සෙන් මම එනවා කියලත් ඔයා දන්නවා.

ඔයයි මමයි එකතු වෙලා සදාකාල ජීවිතය ලබාගන්නම ඕනෑ. ඊට පස්සේ අපිට හැමදාම එකට ඉන්න පුළුවන්. ඔව්... හැබැයි අපිට ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. මොකද පුන්සඳ පායන දවසක් ආයේ එන්නේ නව සතියකින්.

හැබැයි නියම දවස උදා වෙනකම් මට ඔයා ළගින්ම ඉන්නවා. ඔව්... මගේ ඇස් මායිමෙන් ඈත් වෙලා යන්න මම ඔයාට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේමයි. මේ පාර නම් ඔයාට මගෙන් ගැලවිලා පැනලා දුවන්න ලැබෙන්නෙත් නෑ.

ඊට ඊස්සේ අපි බලය හුවමාරු කරගන්නවා. එදායින් පස්සේ අපි දෙන්නටම සදාකාලික ජීවිතය ලැබෙනවා. ඔයාට මගේ හිතේ තියෙන  සිතිවිලි දැනෙනවද ලෝරා? මම මෙතැන ඉන්න බව ඔයාට දැනෙනවද? මගේ සිතිවිලි වල උණුසුම ඔයාට දැනවද ලෝරා? ̋

සිත තුළ මෙවැනි සිතිවිලි දහරාවක් ගලා යද්දී රෙන්ස් නොසැලී සිටගෙන සිටියේය. දැන් ඔහු පෙනෙන්නේ අඳුරු මිහිදුම් පටලයක් තුළ නිසලව තිඛෙන ප්‍රතිමාවක් පරිද්දෙනි. ගරාජයට ඉහළින් ඇති කාමරයෙන් බිහිසුණු විලාප හඬක් ඔහුට ඇසුණේ ඒ අවස්ථාවේදීය. ඒ විලාප හඬ ඩෙස්ටිනිගේය.

Author සුදත් රොහාන් - Sudath Rohan (177), R.L Stine (21)
Publisher Keshi Books (8)
More Information
ISBN 9786249722712
පිටු ගණන 325
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රුහිරු මායාවි
Back to Top