Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රුහිරු මායාවි

රුහිරු මායාවි

ප්‍රකාශක (Publisher): Keshi Books
About this book

ජනේලය දෙස නොසැලී බලා සිටින රෙන්ස්ට එක් හදවතක රිද්මයක් පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ විශේෂ හෘද ස්පන්දනය ලෝරාගේ ය.

"මම ඔයාව හොයාගෙන ආවා ලෝරා... ඔයාගේ හදවත ගැහෙන්නේ මම වෙනුවෙන් කියලා මම දන්නවා. මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා ඔයා දන්නවා.. ඔයා පස්සෙන් මම එනවා කියලත් ඔයා දන්නවා.

ඔයයි මමයි එකතු වෙලා සදාකාල ජීවිතය ලබාගන්නම ඕනෑ. ඊට පස්සේ අපිට හැමදාම එකට ඉන්න පුළුවන්. ඔව්... හැබැයි අපිට ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. මොකද පුන්සඳ පායන දවසක් ආයේ එන්නේ නව සතියකින්.

හැබැයි නියම දවස උදා වෙනකම් මට ඔයා ළගින්ම ඉන්නවා. ඔව්... මගේ ඇස් මායිමෙන් ඈත් වෙලා යන්න මම ඔයාට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේමයි. මේ පාර නම් ඔයාට මගෙන් ගැලවිලා පැනලා දුවන්න ලැබෙන්නෙත් නෑ.

ඊට ඊස්සේ අපි බලය හුවමාරු කරගන්නවා. එදායින් පස්සේ අපි දෙන්නටම සදාකාලික ජීවිතය ලැබෙනවා. ඔයාට මගේ හිතේ තියෙන  සිතිවිලි දැනෙනවද ලෝරා? මම මෙතැන ඉන්න බව ඔයාට දැනෙනවද? මගේ සිතිවිලි වල උණුසුම ඔයාට දැනවද ලෝරා? ̋

සිත තුළ මෙවැනි සිතිවිලි දහරාවක් ගලා යද්දී රෙන්ස් නොසැලී සිටගෙන සිටියේය. දැන් ඔහු පෙනෙන්නේ අඳුරු මිහිදුම් පටලයක් තුළ නිසලව තිඛෙන ප්‍රතිමාවක් පරිද්දෙනි. ගරාජයට ඉහළින් ඇති කාමරයෙන් බිහිසුණු විලාප හඬක් ඔහුට ඇසුණේ ඒ අවස්ථාවේදීය. ඒ විලාප හඬ ඩෙස්ටිනිගේය.

ISBN
9786249722712
පිටු ගණන (Pages)
325
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රුහිරු මායාවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.