Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රූපාවතරණ

රූපාවතරණ

ප්‍රකාශක (Publisher): පොතක්.lk - Pothak.lk
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ජීවිතයේ ඔබට සිටිනා සැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය යුතු බවත්, එවිට ඔබ ළඟ රැදෙන්නේ ඔබේ සැබෑ හිතවතුන්  පමණක් බවත් සමහරු කියනු ඇත. ඒත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි!

ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීවීතයේ සාර්ථක වීමට පටන් ගත යුතු ය. එහෙම සාර්ථක වෙද්දී, පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැබෙනු ඇත.ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත් වෙද්දී ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබ ව වට්ටන්නට උපරිම උත්සාහ දරා, ඒ බැරි ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත.

ඒ ලබනා  සාර්ථකත්වය වෙනුවෙන් ඔබ, හදවත ඇතුළාන්තයෙන් කොයි තරම් පීඩනයක සහ දරුණු සටනක නිරත වෙනවා ද යන්න ගැන හරියට ම දන්නේ ඔබ ම පමණක් ය. ඒත් කොයිතරම් අමාරු අවස්ථාවල දී වුව, නිදහස්  සිනහවකින්  සමාජයට මුහුණ දෙන මිනිසෙකු වන්න‍!. ඔබට එහෙම සිනහ විය හැකි නම්, ඔබ තරම් ශක්තිවන්ත මිනිසෙකු ලෝකයේ තවත් නො ඉපැදෙනු ඇත!

මේ ලෝකයේ ඇති දරුණු ම සහ බලවත් ම අවිය, සිනහව පමණක් බව කියමි!

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය 
මාව මතක ද දන්නේ නෑ

ISBN
9786246327149
පිටු ගණන (Pages)
99
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රූපාවතරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.