රූ සළ රූ
"කෙල්ල ඇත්ත කියපං...
උඹ සුරංගනාවි වගේ ඌ ළඟටම වෙලා ඉන්නවා ඇති...
අම්මේ ඉතිං."
මහිමාට අවශ්‍ය තවත් ඔහු ගැන දැන ගැනීමටයි.
"උඹ හිතන තරම් උගේ ගතිගුණ ලස්සන නැහැ මහි. මිනිහා මගේ දිහා බලන්නේ කුණු ගොඩක් දිහා බලන විදියට..."
"මොකක්... කුණු ගොඩක්... උඹට විකාරද?"
"හ්... හ්... විකාර නෙමෙයි මහි. ඇත්තටම සනන් අද වෙනකම් මාත් එක්ක වචනයක්වත් කතා කරලා නැහැ..."
පහනතාගේ වදන් හි තැවරී තිබුණු වේදනාව මහිමාට හොඳින්ම දැනුණා.
"මොකක්... උඹ මට කියන්නේ මේ සති දෙකටම මිනිහා උඹත් එක්ක කතා කරලා නැහැ කියලද?"
"හ්මී... කතා කරලා නැහැ තමයි..."
"එතකොට අර උඹව බදාගෙන පින්තූර ගහපු දවසේ...
මොකක්ද මේ ආ ආ... අර මුහුරත් උළෙල දවසේ.
අච්චර ලස්සනට උඹ දිහා බලාගෙන ඒ පින්තූරවලට හිටියේ උඹ එක්ක කතා නොකරද?"
මහිමා ඇසුවේ නෙත් විසල් කර බලමින්.
"ඇයි උඹට අමතකද මිනිහා නළුවෙක් කියලා..."
පහනතා ඇසුවේ සමච්චලයට හිනැහෙමින්.
"මට උඹ කියන දේ විශ්වාස කරන්නත් අමාරුයි කෙල්ලේ. දේවාන් කොහොමද, මිනිහගෙත් ලොකු ඕඩවද?"
සවස් වරුවේ හමු වූ කඩවසම් තරුණයාගේ සුහදත්වය මහිමාට තවමත් මතකයි.
"අපරාදේ කියන්න බැහැ. දේවාන් හුඟාක් හොඳයි.
සනන්ගේ වැරදිවලට පවා එයා මගෙන් සමාව ඉල්ලන්නේ හරිම නිහතමානීව."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.