සාගරය පරදා
About this book
ඒ 2010 වසරේ දෙසරම්බර් 19 වෙනිදා ය.
අල් ජසීරා රූපවාහිනියේ එදින ප්‍රධාන පුවත වූයේ තම එළවළු කරත්තය පොලිස් භාරයට පත්වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළෙන්දෙකු වන මොහොමඩ් බොව්සිසි ගැන ය. රටේ අයහපත් ආර්ථික තත්ත්වය නිසාවෙන් එදින ඔහුට එළවළු පලතුරු කිසිවක් විකුණා ගැනීමට හැකි වී නැත.
ඒ මදිවාට පොලීසිය ඔහුගේ එකම වස්තුව ද උදුරා ගත් විට හෙතෙම මහත් කලකිරීමට පත්ව දෙනොදාහක් ඉදිරියේ ගිනි තියාගෙන මළේ ය. ඒ අසුබ සිදුවීම් පෙළක ආරම්භයයි. අරාබි වසන්තය නමින් හඳුන්වන රාජ්‍ය විරෝධි අරගලය පටන්ගත්තේ එදා ය. කෑමබීම ඉඳුම්හිටුම් මානව අයිතිවාසිකම් සහ මූලික ජීවන අවශ්‍යතා අහිමි වූ දහස් ගණනක් මිනිසුන් පාරට බැස්සේ ඒ මොහොතේ දී ය. කලාපයේ බොහෝ දේවල් වෙනස් වීම ඇරඹුණෙ එතැන් සිට ය.
ඩාරාවේ ද බෙහෝ වෙනස්කම් සිදුවුණි. එහෙත් ඒ නගරයේ මිනිසුන් සිතූ පැතූ හැටියෙන් නම් නොවේ.
Details
ISBN
9786245560011
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review