සමුදුරු සුසානය
About this book
ඔව්.... මං හොරෙක්.
හොරෙකුගෙන් හොරකම් කරගත්ත හොරෙක්
මං හොරකම් කළේ 'රත්තරන් කුටියේ'' තිබුණ "රත්තරන් හංසයාව."
"රත්තරන් කුටිය" කියන්නේ ප්රෝසියාවේ පීටර් රජතුමාට අයිති වෙලා තිබුණ විශාල රත්රන් කාමරයක්. දඹරනින් හදලා මැණික් වලින් වැඩ දාලා තිබුණ මේ කුටියෙ වටිනාකම කියන්න බැරි තරම් ඒ රන් කුටිය ඇතුළේ තිබුණා. ඊටත් වැඩියෙන් වටින රත්රන් හංසයෙක්...
හිට්ලර්, මේ රන් කුටිය එයාගේ නාසි භටයින් ලවා හොරකම් කෙරෙව්වා. ලෝකයේ වටිනා කලා කෘති දහස් ගණනක් හොරකම් කරපු හිට්ලර් වැඩියෙන්ම ඇලුම් කළේ රන් කුටියට. එයාගෙ වටිනාම වස්තුව වුණේ මේ රන් කුටියේ රත්තරන් හංසයා...
එයා ඒ රන් කුටිය කෑලි ගලවලා කොනිග්ස්බර්ග් කෞතුකාගාරයේ රහස් බංකරයක පතුලේ හැංගුවා. ඉතින් ඒ බංකරයේ හංගපු රත්තරන් හංසයාව මං හොරකම් කළා...
ඔව්... මගේ තාත්තා මරපු හිට්ලර්ගෙන් පලි ගන්න මං එයාගෙ වටිනාම වස්තුව හොරකම් කරගෙන පැනලා ආවා.
මං පැනලා ආවේ පලි ගන්න..
ඒත් තවත් ලක්ෂ ගාණක් මිනිස්සු පැනලා ආවෙ ජීවිතේ බේරගන්න..
අපි හැමෝම එනකල් බලාගෙන හිටියා එක්කෙනෙක්...
ඒ අපේ දෛවය...
දෛවය කියන්නේ දඩයක්කාරයෙක්...
ඒ දඩයක්කාරයා...
මළමිනී නවදාස් හාරසීයයක්,
බලාපොරොත්තු සිය දාස් ගාණක්,
ලෝකෙන්ම වසන් කරපු බිහිසුණුම රහසක්,
බෝල්ටික් මුහුදු පතුලේ හැංගුවා....
මේ රහස හැමෝටම කියන්න.
මං,
ෆ්ලෝරියන් බෙක්
Details
ISBN
9789556913132
පිටු ගණන (Pages)
472
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review