Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳනාරි

සඳනාරි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

 ඒ හැම තැනකම තිබුණෙ... තියෙන්නේ ආදරේ ධාවී. ඔයා වෙන කාටවත් ළං වෙන එක දරාගන්න බැරි ආදරේ. ඔයා වෙන කෙනෙක්ව අල්ලද්දී මම පිච්චෙනවා. රණ්ඩු කර කර මම හැමදාම බලාපොරොත්තු උනේ ආදරේ. ඔයා මට වඩා බබාට ආදරෙයි කියලා දැනෙද්දී, ඔයා එදා මාව බේරගත්තෙ බබා හින්දා කියද්දී ඒ හැමදේටම මම තරහා උනේ ආදරේ හින්දා..

” ධෘවික ඇය දෙස තප්පර ගණනක් බලා හිඳ පිටව යද්දී සඳනාරී බිත්තිය මත රූටමින් අසුන් ගත්තේ දෑස් තද කර පියාගනිමිනි. ඇය සවන් දුන්නේ පිටව යන ධෘවිකගේ මිරිවැඩි හඬටය. ඒ හඬ මැකී ගිය සැණින් පණ ගැන්වුණ මෝටර් රථයේ හඬටය.

"හැමදාම ඉල්ලුවේ ආදරේ...” 

ඇය මිමිනුවේ අතැඟිලි වලින් බිත්තිය සූරමිනි. නිය කැඩී ඇඟිලි තුඩු වලින් ලේ පිටවන තුරු ඇය රිදවා ගත්තේ ධෘවික අහිමි වූ වේදනාවටය. ඔහුව අහිමි කරගත්තේ තමාය. ඒ වේදනාව ඉවසිය හැකි සීමා පසු කර අවසන්ය.

"ධෘවී... ආපහු එන්නකො”

ඇය යළි බිත්තිය මත හිස ගසා ගත්තේ කීපවරක්ය. දුක කෝපය සිත කලඹද්දී ඇය මාන්නප්පෙරුම සොයා දිව ගියේ නිදන ඇඳුමෙන් පමණක් ගත වැසුණ බව ද අමතක කරමිනි.

ISBN
9786245558346
පිටු ගණන (Pages)
552
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳනාරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.