අහසක් නුඹ මට
නේක මල් පෙති තැනූ යහනක
නුඹෙ සියොළඟ එතුනානම්...
රෑක හීනෙක ළඟින් වැතිරී
නුඹෙ පාලුව මැකුවානම්...
සඳේ සිසි කැන් මතින් පෙනෙනා
කෝල වත සිරි බැලුවානම්...
ඉනේ ඉද්දර ළඟින් හිඳ මම
අහසක්ව පෙම් කරන්නම්...
දෑල ගඟ දිය ඉවුරු සේදී
ගියත් තනියට හිටියානම්...
කෝල හැඟුමත් ගේන හිරිමල්
සිතට පිනිපොද වැටුනානම්...
අහස ළඟ හද මෝදු වෙන කල
හීන වක්කඩ බිඳුනානම්...
මේ හැටීම ලතැවුල් කිමද මට
සුළඟ සේ දුර නොයන්නම්...
- අහස් ධවින් දිග්දෙනිය -
සඳේ සිසිකැන් විඳින හෙවනක
ළඟින් හිඳ නුඹ සිටියානම්...
සුසුම් වෑහෙන සුරත් ගී හඬ
හෙමින් දෙසවන වැසුනානම්...
හංස සුවලක මෙලෙක පහසට
ලන් වෙන්න ඉඩ තිබුණානම්...
රිදුන අහසම සනසවන්නට
තරුව වී මම පිපෙන්නම්...
මලක මොලකැටි සිනිඳු හදවත
නුඹෙ නමින් පුද කරන්නම්...
හීන බොඳවුණ කඳුළු හිත මත
ආදරේ කවි ලියන්නම්...
රිදී තුන් සිත විඳවනා කල
කඳුළ මිහිදන් කරන්නම්...
නුඹේ අහසෙම ඉපදි මියැදී
නුඹෙ නමින් පෙම් කරන්නම්...
- නේහා තරූකදි -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.