සංගීතවේදය
ඇමෙරිකානු මනෝවිද්‍යාඥයකු හා අධ්‍යාපනඥයකු වන කාල් එමිල් සීෂෝ (1866 - 1949) සිය උගත් සහායකයන් සමග විසිවැනි සියවසෙහි මුල් භාගයේදී සංගීතමය මනස (musical mind) හා එහි අන්තර්ගතය විද්‍යාගාර පර්යේෂණ ඇසුරෙන් විග්‍රහ කළ ප්‍රකට විද්වතෙකි.
වෛෂයිකව ජනනය වන නාදය සංගීතමය මනසක් සහිත පුද්ගලයකුට ආත්මීයව ග්‍රහණය වන අයුරුත්, සංගීතය වශයෙන් හඳුනා ගැනෙන එකී නාදය ශ්‍රවණයේදී නිර්මාණකරණයේදී හා අභිවහනයේදී පරිහරණය කෙරෙන අයුරුත්, අනුක්‍රමිකව විස්තර කිරීමට සීෂෝ උත්සාහ දැරුවේ ය.
“සංගීතවේදය - මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්” යනු සීෂෝ ගේ එම පිවිසුම විධිමත්ව ගුරුකොට ගනිමින් සිංහලයෙන් රචනා වූ ප්‍රථම ග්‍රන්ථයයි. අවශ්‍ය අවස්ථාවලදී පසුකාලීන සංගීත මනෝවිද්‍යාඥයන්ගේ මත කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරී ඇත.
මෙහි කතුවර පී. ඩී. රංජිත් ප්‍රනාන්දු කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ සංගීත අධ්‍යයනාංශයේ හා හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ දශක හතරක පමණ කාලයක් ආචාර්යවරයකු වශයෙන් සේවය කොට ඇති අතර, ඊට අමතරව පර්යේෂණ හා පරිපාලනය දෙසට යොමු වූ වෙනත් වග කිවයුතු විශ්වවිද්‍යාලයීය තනතුරු රාශියක් ද හොබවා ඇත
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.