Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ආචාර්ය රෝහණ වීරසිංහ තම පාරිහාරික සංගීත ශක්‍යතාව කිසිවෙකුට සමතික්‍රමණය කළ නොහැකි පරිමාවක නිර්මාණාත්මක, පර්යේෂණ හා අධ්‍යයන අවකාශයක, ප්‍රායෝගිකව විශද කළ උත්තම සංගීතඥයෙකි. ඔහුගේ සංගීත සේවනය ඉතා ගැඹුරුය. එහෙත් එම අවකාශය හුදී ජනයා කෙරෙහි ඉතා සංග්‍රහශීලිය. මෙම මහාර්ඝ සංගීත අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ටි පථය සහ පැහැසර නාද වියමනක දමනය කරගත් සංඥා භවය මතු පරපුරට ඉතා අනර්ඝ, විරල ආදර්ශ සපයයි.

පෙර සඳහන් කළ පැහැසර නාද අවකාශයක දමනය කරගත් ගුණාත්මක අස්වැන්න මෙම ආලේඛයෙහි විද්‍යාත්මක න්‍යාය අනුසාරයෙහි ලේඛනගතව ඇත. සංගීත ශාස්ත්‍රයෙහි අනුදත් උභය න්‍යාය ආශ්‍රිතයෙහි සැකසූ ගීත ස්වර ප්‍රස්තාර මෙම ගතෙහි සංගෘහිතය. අප සංගීතඥයාගේ නිර්මාණාත්මක අභ්‍යාසයෙහි රුව ගුණ විමසන විද්‍යාර්ථියෙකු, පර්යේෂකයකු හෝ සංගීත  රසවතෙකු යන මේ සියළුම දෙනාට මෙම ග්‍රන්ථයෙහි ශාස්ත්‍රීය වටිනාකම අමිල මෙහෙයක් සපයයි. එමෙන් ම මේ ගත ශාස්ත්‍රාලීය අගයෙන් ද පොහොසත්ය. මෙය අකාලික රසෝඝයක බුද්ධිමය අගය හා හිමිකම නිහඬව ප්‍රකට කරන සාක්ෂ්‍ය සටහනකි.

කෝලිත භානු දිසානායක

මහාචාර්ය, සංගීත විද්‍යා අධ්‍යයනාංශය,

පීඨාධිපති,

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය,

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.

ISBN
9786242041568
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්වර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.