සත් සියක් සියපත්

Special Price රු. 1,125.00 Regular Price රු. 1,250.00
In stock
SKU
sath-siyak-siyapath-chiranji-ranathunga-sithuwili

අපට උයන්න කන්න දෙන්න බැරිනම් පලයන් එළියට. මේවා

"හම්බ කරලා අමාරු ඇති. අර දෙවියෙක් වගේ මනුස්සයෙක්ට පින් සිද්ධ වෙන්න තාත්තල පුතාලා දුවලා කාලා ඇඳලා ඉන්නවා. මේ නිධානේ හම්බුනේ නැත්තං තොපි වළලපු තැන්වල ගසුත් පැළ වෙලා යකෝ”

”මේකිගේ කට යකෝ.! පුතා සල්ලිකාරියෙක්ට කර ගැහුවා කියලද මේ."

ඔහු මිදුලටත් පැන ඇයට පහර පිට පහර ගැසුවේය. ඇය මිදුලේ දණ බිම ඇණ ඔවුන් හිදෙනා විනාශ වී යන ලෙස යැද්දාය

‘’අනේ දෙව්යනේ මුන්ට කන්න නොලැබී බඩ පොත්ත පිටේ ඇලිලා මැරිල පලයං. පාරට බැස්සහම මොකේක හරි හැප්පිලා මැරිලා ඊලයං. ආයෙ ඉපදෙනවනම් ගොන්නු වෙලා ඉපදියන් පව් ගෙවන්න.”

එවර ඔහු වාහනේ ඇර පෙට්‍රල් දැමූ කෑන් එකක් අතට ගත්තේය. අද මම මේකිව ගිනි තියනවා."

එවර ළමයි දෙදෙනා පැමිණ ඔහු අල්ලා ගත්තෝය. ඩයස් සහ දරුවන් දෙදෙනා සමග අමනාප වුවද අවට සියල්ලෝම පාහේ ඔකඳපොළ මහත්මිය සමග මිතුරුය. ඇගේ කෑගැසීම ඇසී ඉදිරිපස නිවසේ කාන්තාව මේ සියලු දේ වීඩියෝ රූගත කළාය. එපමණක් නොව ඇය 119 අමතා කථා කළාය. පොලිස් කණ්ඩායමක් ආවේය පෙර කී කාන්තාව පැමිණ වීඩියෝව පෙන්නුවාය. ඒ වන විට ඇයව එළියට දමා වසා ඔවුන් ඇතුලට ගොස් සිටියහ. ගේට්ටුව වසා නොතිබුනෙන් පොලිසිය ඇතුලටම ආවේය. ඒ වන විටත් ඇය තැනින් තැන නිල් පැහැවී ලේ ගලන සිරුරින් යුතුව සිටියාය. පොලිස් කාන්තාවක් පැමිණ ඇයව නැගිට්ටුවාය. පොලීසියෙන් ගොස් දොරට ගැසූහ.

Author චිරංජි රණතුංග - Chiranji Ranathunga (17)
Publisher සිතුවිලි ප්‍රකාශන - sithuwili publishers (29)
More Information
ISBN 9786245673247
පිටු ගණන 260
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සත් සියක් සියපත්
Back to Top