සත්‍ය වූ ප්‍රේමය
ප්‍රේමයට සහ ශාපවලට..
දුෂ්ටයන් දෙදෙනෙක්, එක් යුවතියක් සහ
සතුටින් පිරුණු සදාකාලයක් වෙනුවෙන් මාරාන්තික
සටනක්...
ඉවැන්ජලින් ෆොක්ස් අපූර්ව උතුරට පිවිසුණේ ඇගේ සතුටින් පිරුණු සදාකාලය සොයමිනි. ඇය දැන් කඩවසම් කුමරකු හා විවාහ වී, අනර්ඝ මාලිගාවක වාසය කරන බැවින් ඇය අවසානයේ එය සොයා ගෙන තිබෙන සෙයකි. නමුදු, මෙම මායාවි සුරංගනා කතාන්දරයෙහි ජීවත් වීම සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල ගැන ඉවැන්ජලීන්ට කිසිදු අදහසක් නැත. තමන්ට අහිමි වූයේ කුමක්දැයි ඇය නොදනී. එසේ වුවද, ඇයව සදාකල් තමන් සමග තබා ගැනීමට බලාපොරොත්තු වන ඇගේ සැමියා ඒ ගැන ඇයට කරුණු වසන් කිරීමට අදිටන් කරගෙන සිටී... නමුත් පළමුවෙන්ම ඔහු හදවත් කුමරු වන ජැක්ස්ව මරා දැමිය යුතු වේ. බොහෝ දෙනා මඟ බලා සිටි "බිඳුණු පසු හදවත" නවකතා ත්‍රිත්වයේ අවසාන නවකතාව වන 'සත්‍ය වූ ප්‍රේමය' නවකතාවේදී රුහිරු වැගිරෙනු ඇත. හදවත් සොරකම් කෙරෙනු ඇත, එමෙන්ම සත්‍ය ප්‍රේමය පරීක්‍ෂාවට ලක් වෙනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.