Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ශාපලත් නිවසේ අබිරහස

ශාපලත් නිවසේ අබිරහස

About this book

මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි.

එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව්‍යාපෘති බිමකදී, විශ්වවිද්‍යාල පුරාවිද්‍යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ.

රූත් ගැලෝවේ සොයාගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි.

ඒ අතර කිසිවෙක් රූත්ව බිය ගන්වන්නටත්, ඇගේ නූපන් බිලිඳාට සහ ඇයට මරණ තර්ජන කරන්නටත් උත්සාහ ගනී.

මේ කවන්ධය කාගේද?

ළමා නිවාසයේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?

රූත් සහ ඇගේ නූපන් බිලිඳා මරා දමන්නට ඕනෑ කාටද?

මෙකී ශාපලත් නිවසේ අබිරහස කුමක්ද?

ISBN
9786245579754
පිටු ගණන (Pages)
359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශාපලත් නිවසේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.