Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සෝල්ට්මාෂ් අබිරහස
About this book

වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ. වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසු කරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියන් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ට්මාෂ් නම් වගුරුබිම් පෙදෙසේ ජීවත් වන්නීය.

අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.

පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සන්, රූත්ගේ සහාය පතන්නේ, ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල, 'ලුසී ඩොව්නි' නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු, හැරි නෙල්සන්ව සමච්චලයට ලක් කෙරෙමින් අරුම පුදුම ලිපි පෙළක් ලැබී ඇත.

අනතුරුව නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.

ඒ එකම ඝාතකයාද?

නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

ISBN
9786245579433
පිටු ගණන (Pages)
386
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝල්ට්මාෂ් අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.