ශ්වේත ප්‍රාණී
සංස්කෘතික සහකම්පනය සාම්ප්‍රදායික ගොවි දිවිය පෝෂණය කළ සංවේදී අස්පර්ශනීය උරුමයකි. නූතන ගොවි තාක්‍ෂණය, භෞතික යෙදවුම් භාවිතය ඔස්සේ ගොඩනැඟෙන වත්මන් ගොවි වින්තනය ගැටුම්කාරී ය. සම්මුතිගත නිදහස වෙනුවට විසම්මුතිගත ආතතිය ජීවන පිළිවෙත පුරා ඔඩුදුවා ඇත. මේ ප්‍රස්තුතය "ශ්වේත ප්‍රාණී” නවකතාවේ ආඛ්‍යානයයි. සුදර්මා ජයනෙත්ති කතුවරිය ජනසම්මත අස්පර්ශනීය ගොවිදිවියේ අක්මුල් අනුපාත වශයෙන් රැගෙන වියන "ශ්වේත ප්‍රාණී” මෙරට ගොවි සමාජ වංශකථාවේ කම්පනීය අත්දැකීමකි.
සංස්කෘතික මානවවිද්‍යා නවකථා රීතිය අතවැසි කරගෙන ප්‍රබන්ධිත මෙකී නවකථාව ජනශ්‍රැති පර්යේෂණ අවධියකට පාඨකයා රැගෙන යාමට සමත් වේ. ජනවහර, ජනසම්මුති, ඇදහිලි විශ්වාස, ජන සම්ප්‍රදා සියල්ල බැහැර කර නොහැකි සේ චරිත අභ්‍යන්තරය හා බැඳී ඇත. මෙකී අත්දැකීම නූතන පාඨක සමාජයට දුරවබෝධ නොවී සංස්කෘතික වපසරියක පිහිටුවා ලිවීමට හැකිවීම පැසසුම් කටයුත්තකි. ගොවි දිවියේ දුක-සැප, යල-මහ දෙකන්න සදිසි ය. ප්‍රධාන චරිතය ඒ වටා දෝලනය වුවද නව ගොවිජනපදකරණයට එකවර ම පොළා පනියි. එමඟින් මතුවන නව චින්තනය ඔහුගේ සම්මත ගොවි ලක්‍ෂණ බණ්ඩනය කරනුයේ, අතීත සංස්කෘතික සහකම්පන ගොවි භූමිකාව උඩු යටිකුරු කරලමිනි. දෙබස් කථන රීතිය බහුලව යොදා ගැනීම නිසා පාඨකයාට දුරවබෝධයකින් තොරව "ශ්වේත ප්‍රාණී” කථා ආඛ්‍යානය වෙත සමීප කරවීමට කතුවරිය සමත් වන්නී ය.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
මහින්ද කුමාර දළුපොත මහතා
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.