ශ්වේත ශස්ත්‍ර
“ම්.. මේ ඝාතනය වෙලා තියෙන්නේ ඊයෙ රෑ 12 ට. කට්ස් 12 ක් තියෙනවා. පපුව ප්‍රදේශයට 2, ඇඟ පිටිපස්සෙන් වකූගඩුවලට 2, කුඩා මොළයට 1, උදරය අභ්‍යන්තරයට 3, කලවා දෙකට 2, ගෙල මත තිරස් අතට 1, හදවතට 1. ඔයා හරි සාජන්ට් වර්ණවීර. මේක සිහි සුන් කරලා කරපු ඝාතනයක්. මේක මේ ඝාතන රැල්ලේම තියෙන ලක්ෂණයක් සාජන්ට් මහත්තයා. මේ ඝාතනයට ලක් වෙන්නේ හොඳ මොළ ටිකක්. ඒකට හේතූව සහ ඝාතකයා අපි හොයා ගන්න ඕන ඉක්මනින්. මේ ඝාතනය සම්බන්ධයෙන් වෙන සේරම යාවත්කාලීන කිරීම් මටන් ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේක මේ ප්‍රදේශයට විතරක් අදාළ මිනී මැරුමක් නෙවෙයි සාජන්ට් වර්ණවීර. මේක ලංකාව මූලික කර ගෙන මුළු ලෝකෙ ම සිද්ධ වෙන දාම ඝාතන රැල්ලක්. දැනට මාස කිහිපයකට කලින් ලන්ඩන්වලින් මේ වගේ ම ඝාතනයක් වෙලා තියෙනවා. මේ සුදු පිහිය සාක්ෂි එක්ක මූලස්ථානයට ලැබෙන්න සලස්වන්න."
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.