සීඝ්‍රගාමී 4.50
ඒ දුම්රිය පීලිමාරුවන් සමග ම වසා තිබුණ අඳුරු පියනක් ගැස්සී විවර වුණා. එයින් ඇය දුටු දේ නිසා තිගැස්සුණ ඇය පපුවට අත තබාගෙන නැගී සිටියා. දුම්රිය ජනේලය අසල ඇයට පිටුපා, දුම්රිය ඇතුලේ තිබූ කුඩා මැදිරියක් තුළ හැඩිදැඩි පිරිමියෙක් සිටි අතර ඔහු සිටගෙන රූමත් තරුණ කාන්තාවකගේ ගෙල මිරිකමින් සිටියා. ඇගේ දෑස් එළියට පනින තරමට විශාල වී තිබූ අතර ඇය හුස්ම ගැනීම සඳහා දඟලමින් සිටින බව ඇය දුටුවා. දුම්රිය දෙක ම එකම වේගයකින් එකම දිසාවට ගමන් කරමින් තිබූ නිසා ඇය එය හොඳින් දුටුවා. ඇය තම දෑතින් කට වහගනු ලැබුවේ ඇයට කෑ ගැස්සේවි යැයි බියට පත් වූ නිසා ය. ඒ සමගම කාන්තාව පණ නැතිව ඇදගෙන වැටෙනු ඇය දුටු අතර ඒ දුම්රියේ වේගය ද තරමක් වැඩිවූ බැවින් ඇගේ දුම්රිය පසුකරමින් එම දුම්රිය ඈතට ඇදි යාමට පටන් ගත්තා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.