My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
පෙරී මේසන් ඩෙලා ස්ට්‍රීට් සමඟ
අවන්හලක පෞද්ගලික කුටියක
රාත්‍රී ආහාර ගනිමින් සිටිනා
අතර එහි හිමිකරු වන
මොරිස් ඇල්බර්ග් ඔවුන්
වෙත රැගෙන එන්නේ තරුණියන්
පළඳින හම් කබායකි. ඔහු පවසන්නේ
එහි හිමිකාරිය වන වේටර්වරිය එය
මෙහි ඉතිරි කැර පලා ගිය බව ය.
වේටර්වරියට අයත් එම හම් කබාය
කාවන් කා දමා තිබූ අතර, එම
සලකුණු වලට අමතරව ඒ තුළ
සැඟවුණු තවත් රහසක් ඇති බව
එය පරීක්ෂා කිරීමෙන් පසුව
පෙරී මේසන් තීරණය කරයි.
නමුත් පොලීසිය අවන්හල වෙත ළඟා
වන්නේ ඒ අතර ය. මෙලෙස කරළියට
පැමිණි අබිරහස ඉන් පසුව සිදුවන
මිනීමැරුමක් හේතුවෙන් තව තවත්
සංකීර්ණ වෙයි. ඊට මැදිහත් වන පෙරී
මේසන් මහතාට විත්තිකරුවන්ගේ
නීතිඥවරයා ලෙස මෙන්ම පැමිණිල්ලේ
සාක්ෂිකරුවකු ලෙස ද කටයුතු කිරීමට
සිදු වේ. මෙම ද්විත්ව භූමිකාවට
මැදිවන පෙරී මේසන් මුහුණ පාන්නේ
උභතෝකෝටික ගැටලුවකට ය.
Author | ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (80), Erle Stanley Gardner (47) |
---|---|
Publisher | ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (160) |
ISBN | 9789551596477 |
---|---|
පිටු ගණන | 304 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |