සිහිවටනයක ලියැවුණු කතාවක්
About this book
සිහිවටනයක ලියැවුණු කතාවක්
පාවහන් අලුත්වැඩියා කරන්නෙකු ගේ දරුවෙකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය. පාසල් පරිසරයේ දී හා වැඩුණු සමාජයේ දී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදු වූ හිරිහැර, නින්දා හා අක්‍රමිකතා ඔහු නෝර්වේ, තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශ ද්‍රෝහියෙකු බවට පත් කළේය. මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වළ දැමූ ස්ථානය පවා රහසකි.
බළකාමයේ උන්මන්තකයෙකු වූ ඇඩොල්ප් හිට්ලර්ගේ ජර්මන් හමුදා 1940 අප්‍රේල් 9 දා නෝර්වේ රටට කඩා පැන්නෙන් එහි ජීවත් වූ යුදෙව්වන්ගේ පමණක් නොව අනෙක් මිනිසුන්ගේ ද සාමකාමී සාර්ථක ජීවිතවල විශාල වෙනස්කම් ඇතිවිය. ජීවිතය බේරාගත් අය ඉන්පසු ජීවත්වීමට ඒ මතක සටහන් සමඟ ගන්නා උත්සාහය දහස්වර මැරි මැරී උපදින අන්දමේ එකකි.
මේ පොතේ කර්තෘ සිය බිරිඳගේ පවුලේ ඉතිහාසය සොයා යමින් එම බිහිසුණු සමයේ දී ජනතාවට විඳින්නට සිදුවූ ක්‍රෑර අමානුෂික වධ බන්ධන, පීඩා, ජීවිත හානි ගැන පැහැදිලි සත්‍ය විස්තරයක් පාඨකයාට ලබා දෙයි.
Details
ISBN
9789553122414
පිටු ගණන (Pages)
280
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review