සිල්ලර කාසි
“මම බලන් හිටියා දේව්..
ඔයා දුවන් ඇවිත් ඒක එහෙම නෑ කියලා කියයි කියලා...
මා හඬමින්ම මාගේ සියුම් අතැඟිලි දේව්ගේ හිස පුරා ගෙන යමින් පැවසුවේ උමතුවෙන් මෙනි.
“මම දුවගෙන ගියේ ඔයාට එහෙම ඇවිත් කියන්න තමා මැණික... ඒත් එහෙම වුණේ කොහොමද ?
දෙව් දෑස් තුළ පොකුරු පිටින් කඩා හැලෙන කඳුළු
ඔහේ පිටවන්නට හරිමින් පවසන්නේ
මටම මාව පාලනය කර ගත නොහැකි තරමටම
වේදනාවෙන් පුරවමින්.
“මං... ඔයාට හරි ආදරෙයි දේව්...“
“මගේ මුළු ජීවිතේම උඹයි යලින්දි.
මට ආපහු හැරෙන්න කියන්න නම් එපා...'
දේව් දෙපත් එකතු කර පැවසුවේ
මාගේ හුස්ම පවා මොහොතකට හිර කරමින්.
ආදරය මේ සා විසාල වේදනාවක්ද?
එය මාහට වැටහෙන්නේ නැත.
“උඹ දැකලා තියනවද? මහා ලොකු දළ ඇත්තු,
සමහර වෙලාවට ඔහේ ඇදගෙන වැටෙනවා...
මම ලොකෙට ලොකු මිනිහෙක් වෙන්න ඇති මැණික...
ඒත් උඹේ ආදරෙ ඉස්සරහා, මම චූටිම චූටී කූඹියෙක්...”
“සමහර නියං කාල වලට
දළ ඇත්තුත් කන්න නැතුව මැරෙනවා දේව්...
ඒත් කෑම රැස් කරන අර පුංචිම පුංචි කූඹියා ජීවත් වෙනවා...’
“හරියට, උඹේ ආදරේ මාව ජීවත් කරනවා වගේ...’
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.