සිරකාරි
කෙටිකථාව යනු ජීවිතයෙන් පෙත්තක් කපා නිරූපණය කිරීමක් බව නැවත
නැවතත් සනාථ කරන මුල මැද අග සහිත අපූරු කථාගොන්නකින් සමන්විත
සිරකාරි නිර්මාණකරුගේ දෙවන නිර්මාණ වෑයමයි.
බොහෝ ගැහැණුන් මිනිසුන් පමණක් නොව සතුන් ද විඳින හා විඳවන
අනන්තාපරිමාණ සුඛ දුක්ඛයන්ට පාදක වූ ක්‍රියාවන් හා ප්‍රතික්‍රියාවන්
සෞන්දර්යාත්මක දෘෂ්ඨියකින් විවරණය කිරීමෙහිලා කතුවරයා දක්වන අපූර්ව
බුහුටිකම අනාගත සිංහල කෙටි කථාවේ දිශානතිය පිළිබඳ පාඨකයා තුළ විසල්
බලාපොරොත්තුවක් දල්වාලනු නිසැකය.
කුඩා සිද්ධියක් වුවද අපූර්වත්වයකින් නිර්මාණාවේශයෙන් හැඩගන්වා සාර්ථක
කෙටිකතාවක් බවට රූපාන්තරණය කිරීමේ නිසඟ කුශලතාවය මෙම තරුණ
ලේඛකයාගේ ප්‍රතිභාවයට නිදසුනකි.
විටෙකහාස්‍යජනක වූ ද, විටෙක වේදනාජනක වූද, ආනන්දජනක වූ ද තානයකින්
පාඨක හදවත් ප්‍රකම්පනය කිරීමට සමත්වන රුක්ෂාන්ප්‍රභාත් කරුණාතිලක
සිය කුළුඳුල් කෙටිකතා සංග්‍රහය වූ විප්‍රයෝගය තුළින් ප්‍රකට කළ මානව දයාවේ
සංස්පර්ශය ලද හැඟුම් සමුදායේම දිගුවක් ලෙස මේ කෙටිකතා සංග්‍රහය සැලකිය හැක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.