සිසිර ඉර
සීත පීඩනය කෙමෙන් දිය කර හරිමින් සිසිරයේ ඉර පායා එමින් තිබුණේය. ඒ හිරු ආලෝකය මැදින් හිරුත් සමඟින් පැමිණෙන තරුණයා කවුරුන්දැයි හඳුනාගන්නට මම දෑස් කුඩා කරමින් එදෙස බැලුවෙමි. සිනහවකින් තම වත පුබුදුවා ගනිමින් පැමිණෙමින් සිටියේ වෙන කිසිවෙකුත් නොවේ ඔහු විය යශෝද්. මම ගල් ගැසී ගොසින් ඔහු දෙස බලා සිටියෙමි. හෙතෙම මා අසලටම පැමිණ මා ඔහුගේ ළයට තුරුලු කර ගත්තේය.
ජීවිතේට කොයි තරමි කුණාටු ආවත් කවදාවත් දාල යන්නෑ කිව්වා නේද... මං ආවා දූූූලි... ඔයාගේ සිසිර ඉර ආවා..
මම ඔහුගේ දේහදාරී උණුසුම් ළයට තුරුලු උනෙමි. එතැන මට ලෝකයක ආරක්ෂාව තිබුණේය. උණුසුම තිබුණේය. තව දුරටත් කුණාටුවට හෝ හිම මිදෙන සිසිලසට මට කළ හැකි කරදරයක් නොමැති. මන්ද යත් කටුක සීත සෘතුවට පායන සිසිර ඉර මා අසල පායා ඇති හෙයිනි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.