Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිතංග චිත්තාභිලාෂය

සිතංග චිත්තාභිලාෂය

About this book

“ඔය සිත කියන්නෙ දකින දේ උකහා ගන්න සැදුන භාජනයක්. වෙන දෙයක් ඔතැන නෑ.”

“අන්න හරි දකින දේ…” ඔහු මිමිනුවේය.

“මනස කියන්නෙ ඒ දකින දේ ආරක්ෂා කරන්න සැදුන තැනක්.”

“ඔබ කියන්නෙ එතකොට ලිතියම් වගේ දේවල් බොරුයි කියලද? C8H15NaO2 කියන්නෙ සෝඩියම් වැල්ප්‍රෝඒට්. එහෙම ඒවා අදාළ නැද්ද?‍”

“C8H15NaO2 කියන්නෙ සූත්‍රයක්. හැකිනම් මේ ගැටලුව ඔය කියන සංයුතිය අඩු වැඩි කරලා මට විසඳලා පෙන්වන්න.” ඔහු අභියෝග කළේය. මතක තියාගන්න අපි ඉගෙන ගත්ත දේවල් සහ සැබෑව සසඳා ගන්න අපිට තිබෙන්න ඕනෑ සහජ හැකිකමක්. ඒක නැතිනම් ඔය මොන සමීකරණය තිබුණත් වැඩක් වෙන්නෙ නෑ.”

“ඔබට මොනවා හරි ඇස් දෙකට පෙනෙනවද මේ ලෝකේ?”

“ඔව්…”

“අන්න ඒ හැමදෙයක්ම හේතූන්ගේ ප්‍රතිඵල”

“හ්ම්…”

“උත්සාහ දරන්න ඒ හේතු දකින්න. තමාට දොස් කියා ගන්න හදන්නෙ නැතිව - අනුන්ටත් දොස් කියන්නෙ නැතිව ඒ හේතූණ් දෙස හරි අපූරුවට බලන්න. එඅන්න එතකොට ඔබට ඇහැට පෙනේවි ඔබ පැටලිලා ඉන්නෙ කොතැනද කියලා”

ISBN
9789553120885
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිතංග චිත්තාභිලාෂය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.