Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / සිවගිරියෙන් සීගිරියට

සිවගිරියෙන් සීගිරියට

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
About this book

No description available

Details
ISBN
9789557861258
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 1
  1. සිවගිරියෙන් සීගිරියට - සුජිත් අක්කරවත්ත : රමණිය බස් වහරකින් රචිත සීගිරියේ කතාව / Sivagiriyen Sigiriyata : (සිවගිරියෙන් සීගිරියට) : From Shiva rock to Lion rock - Sujith Akkarawatta : The story of Sigiriya written in a beautiful manner
    සුජිත් අක්කරවත්ත මහතා යනු නුතන ශ්‍රී ලංකාවේ ප්‍රකට සාහිත්‍යකරුවෙකි. ඔහු බොහෝ රූපවාහිනිය තුළ විකාශය වන සිංහල සාහිත්‍යය පිලිබඳ වැඩසටහන්වලට සහභාගී වෙමින් තම මතවාද ප්‍රකාශ කරන බහුමාන සහිත දක්ෂයෙකි. ඔහුගේ පොත්වල මෙන්ම පුවත් පත් වල පලවන ලේඛණ වල රමණීය බස් වහරක් ඇත.

    සුජිත් අක්කරවත්ත මහතා මෙම ලේඛණ ලියනවිට මතුකරන වැදගත් සාධකයකි, ඉතිහාසය සැමවිටම දේශමාමක හා ජාතිකවාදී දැක්මකට වඩා සෞන්ධර්යවාදී සහ විද්‍යාත්මක විය යුතු බව යන මතවාදය.

    පළමුවන පරිච්චේදයේදී මේජර් එච්. ෆෝබ්ස් විසින් 1831 වසරේදී සොයාගන්නා සීගිරිය පිළිබඳව කියවේ. රන්තුක නම් වැද්දගේ මග පෙන්වීම යටතේ සිදුවන මෙම ගවේෂණය 1890 දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දේපාර්තමේන්තුව ආරම්භයට හේතුවේ.

    සීගිරිය නිදහසට පෙර ශ්‍රී ලාංකිකයගේ මෙන්ම ඉංග්‍රීසි යටත් විජිත වාදීන්ගේ කුතුහලයට මෙන්ම දැනුමේ මූලය බවට පත්වූ ආකාරය දෙවන සහ තෙවන පරිච්චේද වලින් සාකච්චාට බඳුන් වේ. විවිධ සංකීර්ණ සමාජ හා දේශපාලන කාරණාවන් මෙම බිතුසිතුවම් වලින් මෙන්ම අවට නටබුන් වලින් නිරුපණය වන ආකාරය මෙම පොත් තුළ සාකච්චාවට ලක් කරයි. එය හෙළිවන උපුටගැනීමක් පහත දැක්වේ.



    "සීගිරිය ක්‍රි.ව. 491 දී අත්හැර දැමීමෙන් කිසිදු ප්‍රතිසංස්කරණයකට භාජනය වී ද නැත. එය ම එක් අතකින් ආරෝපිත ථේරවාදී දේශපාලනයේ දුෂ්ට පලිගැනීමක් ගැන දේශපාලන කතන්දරයක් විද්‍යමාන කරයි. අනෙක් අතකට එසේ පලිගැනීමට ලක්වීමෙන් සීගිරිය නිමවූ අයුරින්ම යළි මතුකරගත හැකි වීමට ද බලපෑවේය."

    - පිටු අංක 46-



    සිගිරිය වෙහෙර විහාර වල මෙන්ම උද්‍යාන අලංකරණය තුළ තිබු විශ්වීය විශ්මය කතුවරයා මෙසේ ඉස්මතු කරයි.



    "අක්කර දොළොසක් පුරා විහිද පැතිර ඇත්තාවූ සීගිරිය දිය උයනෙහි උතුරු දිශාවේ වාම සීත මාලිගාවද දකුණු පස දක්ෂිණ සීත මාලිගාව ද අදත් ජීවමානව ඇත්තේය. සීගිරි වැව් දිය ස්වභාවික රහස් තාක්ෂණවේදයක් මගින් සීගිරි පර්වත මළුවේ වූ දිය උයනට ගලා විත් තැනුණු සීගිරි දිය උයන පුදුමයකි. එවන් පුදුමයක් මුළු මහත් ලොව තුළම අදත් නැත. සීගිරි දිය උයන හා යම් තරමකට සමාන දිය උයනක් යළිත් හමුවන්නේ මැසිඩෝනියාවේ දී හා භාරත අක්බාර් අධිරාජ්‍යයාගේ රජ මැදුරේය. ඒ සිගිරි කාශ්‍යපගෙන් සියවස් අටකට පසුවය. සැබැවින්ම සීගිරි කාශ්‍යප දිය විල් උයනෙහි උයන් සැලැස්ම මෝගල් අධිරාජ්‍යය වූ අක්බාර් අධිරාජ්‍යයට ලැබුණේ කෙලෙසද යන්න සෙවිය යුතුය."

    -පිටු අංක 48-



    සීගිරියට පැවති ආගමික පසුබිම හා ඒ නිසා සමාජීය මෙන්ම සංස්කෘතිකව ඇතිවූ ප්‍රතිරෝධය පිළිබඳව "උපුල් වෙහෙර" පරිච්චේදයේදී සංවාදයට ලක් කරයි. එම අර්බුධය පහත උපුටා ගැනීමෙන් හඳුනාගත හැකිය.



    "උපුල් වෙහෙර සීගිරි කාශ්‍යප තෙමේ තම දූ කුමරිය උපන් තුටින් සීගිරි උයන් බිමෙහි තැනු ස්වභාවික වෙහෙරය. (මහාවංශය 39 පරිච්චේදය. 15 - 16 ගාථා) ඒ ලෞකිකත්වය අතික්‍රමණය කරමින් උත්තරාරෝපිතවූ සද්ජනයා පැවිදිව බවුන් වඩා රහත්වූ පින් බිමය. ඒ වීතරාගී උපුල් වෙහෙර වඳින පුදන බොදුනුවන් අදත් නැත. එදා ථෙරවාද ආරෝපණය කරගත් දේශපාලන සංඝයා වහන්සේලා සීගිරිපුර බිහිදොරට වැඩම කොට මුගලන්ගේ බල දේශපාලන වුවමනාව උදෙසා "පත්තිනික්කුජ්ජන කර්මය" සිදු කළේ උපුල් වෙහෙර වීතරාගී සුපසන් කෙම් බිම් ව තිබිය දීය."

    -පිටු අංක 50 සිට 51-



    "කැටබිත" පරිච්චේදයදී කැටපත් පවුරේ වැදගත් සාධක කිහිපයක් විශ්ලේෂණයට කතුවරයා යොමු වේ. එය ඉතා විමර්ශනශීලි මෙන්ම නව්‍ය මානයකට පාඨකයාව යොමු කරයි.

    "විනෝද උයන" පරිච්චේදයේදී "සිවගිරියෙන් සීගිරියට" යන නාමය සැදුනු ආකාරය විශ්ලේෂණය කරයි. එය තරමක් රසවත් විමසුමකි.

    පසුව එන පරිච්චේදයන්හිදී බොහෝ විට සංකීර්ණව පැවති අතීත දේශපාලන සහ ආගමික තත්ත්වයන් පාඨකයා හමුවට රැගෙන ඒමට කතුවරයා සමත් වේ.

    "මහ මිගාර සහ කුඩා මිගාර" පරිච්චේදයේදී බෞද්ධ සහ කිතුනු ආගමික ආරවුල එකළ ධාතුසේන රජුගේ කාලය තුළ පැවතියේ කෙසේද යන්න පැහැදිලි කරයි. ලක්දිව තුළ ආදී රජ සමයේ තුළ එනම් පෘතුගීසි යටත් විජිත සමයට පෙර කිතුනු ආගම පැතිර වීමට තිබු බලපෑම පිළිබඳව ප්‍රථම වරට අසන්නට ලැබුනේ මෙම කෘතියෙනි.

    මෙම ග්‍රන්ථය තුළ ලක්දිව ඉතිහාසයේ ලෝක ඉතිහාසයට බද්ධ වන බෝහෝ ගැලපුම් ඇත්තේය. යේසුස්ගේ උපත සහ ශ්‍රී ලංකාව මෙන්ම පුර්ව යටත් විජිත යුගයේ කිතුනු ආගම රටට (ශ්‍රී ලංකාවට) කළ බලපෑම ගැඹුරින් අධ්‍යනය කරයි.

    මෙම විචාරය සහ කෘතිය හරහා කාෂ්‍යප රජුව උත්කර්ෂයට නංවන අතර මුගලන් රජුව දුර්වල පාලකයකු ලෙස හංවඩු ගසයි. මෙය ශ්‍රී ලාංකිකයාට නව දැක්මකි. විටෙක ආගම සහ ආගමික නායකයින් නිසා යටපත්ව ඇති කාශ්‍යපගේ ලෞකිකවාදී ජීවන දැක්ම මෙම කෘතිය හරහා ජනතාවට විදාරණය වේ. එය ඉතිහාසය හදාරණ මිනිසාට මෙන්ම ශ්‍රී ලාංකික සාහිත්‍යය රසිකයන්ට නව දැක්මකි.

    මෙම කෘතිය කතුවරයාගේ මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක. විවිධ බහුමානයන්ට පාඨකයා රැගෙන යන ඉතිහාස ග්‍රන්ථයක් වන මෙම කෘතිය සීගිරිය නැරඹීමට ගිය සහ යෑමට සිටින පුද්ගලයන්ට ඉතිහාසය පිළිබඳව නව දැක්මක් විවරණය කරන කෘතියක් ලෙස හැඳින්විය හැක.

    Sujith Akkarawatta is a famous Sri Lankan literary figure. He's a multi-faceted literary resource person who shares his ideas and thoughts in many literature television programs in Sri Lanka. He is gifted with the skill of writing in a beautiful language.

    In many of his writings what Mr. Sujith Akkarawatte is trying to emphasize is that the vision of study on history should be aesthetic and scientific rather than being nationalistic and patriotic.

    In the first chapter, the writer discussed the discovery of Sigiriya by Major H. Forbes in 1931 by the guidance of "Ranthuka", the indigenous Veddah which leads to the inception of the archeological department in 1890 in Sri Lanka.

    How Sigiriya aroused the Sri Lankans as well as British to find the history of the country is discussed in the second and third chapters. The significant undertones of the ruins, paintings, and mirror wall poems are also analyzed in their political and religious perspectives.

    Inside the book, there are revelations on how Sigiriya (Lion Rock) became what it is after Shiva rock among historians and people alike.

    The writer emphasizes the Magnificent engineering feats involved in Sigiriya throughout his books.

    This book is a result of hard work and is a must-read to anyone who is hoping to visit and who visited Sigiriya.
    Dimantha රාක්කයේ ඇත ·
Write a review

You're reviewing: සිවගිරියෙන් සීගිරියට

Reviews are published once a member of our team has read them.