සොඳුරු දුක්බර දිවිය
කාන්තාවන් ගේ චෛතසික ස්වභාවය ගැඹුරු විශ්ලේෂණයට ලක් කළ මනෝවිශ්ලේෂකයකු ලෙස කවබතා සුවිශේෂයෙන් ප්‍රශංසාවට ලක් කරනු ලැබ ඇත. The Snow Kingdom හා Thousand Cranes නම් නවකථා දෙකෙහි දී ඔහු මේ පිළිබඳ ව තම නිපුණතාව මනා ව ප්‍රදර්ශනය කළේ ය. ශෘංගාරාත්මක කථාංග නිරූපණය, සියුම් නිරීක්‍ෂණ හැකියාව හා ගුප්ත වටනාකම් පද්ධතියක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ඔහු ගේ විශිෂ්ට හැකියාව යුරෝපීය ආඛ්‍යාන ක්‍රමය පසු බැස්වීමට සමත් වූ එකක් විය. කවබතා ගේ රචනා විලාසය ජපානයෙහි පැවැති සිතුවම් සිහි ගන්වයි. ස්වාභාවික ජීවිතයෙහි ද මිනිසා ගේ ඉරණම තුළ ද පැතිර පවත්නා නැසෙනසුලු,
සොඳුරු, සෝබර රූපාත්මක භාෂාව කෙරෙහි කවබතා තුළ පැවැතියේ විශේෂ ළැදියාවකි. සකලවිධ බාහිර ක්‍රියාකාරකම්වල පවත්නා අනියත බව ජලතලය මත පා වී යන තණ පඳුරු ගොන්නකට සම්බන්ධ කළ හැකි නම් එවිට පහළ වනුයේ ජපන් ක්‍ෂුද්‍ර සාහිත්‍ය කලාංගයක් වන හයිකු කවියකි. මේ කවි කලාව කවබතා ගේ රචනාවන්හි පිළිබිඹු වෙයි.
(කතුවරයාට නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරිමේ උත්සවයේ දී කැරුණු හඳුන්වා දීමේ දේශනයෙන් උපුටා ගැනිණ.)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.