Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සොක්කන් ලොක්කන් වූ වගයි

සොක්කන් ලොක්කන් වූ වගයි

ප්‍රකාශක (Publisher): සංජීව ප්‍රකාශන
About this book

කුමාරි ජයවර්ධන ගේ සොක්කන් ලොක්කන් වූ වගයි ලංකාවේ නූතන ඉතිහාසයේ වැදගත් වූ නමුත් නො තකා හැර ඇති අංශයක් වූ ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ ප්‍රභවය සහ වර්ධනය බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ සිදු වූ අන්දම වි භාග කරයි. එය ධනේශ්වරය, වැඩවසම් සමාජයක සහ වෙළෙඳවාදී ආර්ථිකයක සිට වැවිලි කර්මාන්ත යුගයට විකාශනය වූ අයුරු ගෙන හැර දක්වයි. දේශීය වෙළෙන්දෝ අරක්කු සහ වෙනත් රේන්දවලින් ප්‍රාග්ධනය ඒකරාශී කර ගැනීමෙන් පසු ව වැවිලි කර්මාන්තය හා මිනිරන් කැනීම දක්වා විවිධාංගීකරණය වී එමඟින් කුලය මත පදනම් වූ පැරණි ශ්‍රම විභජනය විකෘති කර දැමූහ.

මෙම අධ්‍යයනය කුලයට ඉහළින් පන්තියට ප්‍රමුඛත්වය දෙමින් නොයෙක් කුල, ජනවර්ග සහ ආගම්වලට අයත් නව-සල්ලිකාර "සොක්කන්" ගේ නැඟීම ගැන විස්තර ඉදිරිපත් කරයි. එය ප්‍රාග්ධන සමුච්චය, ආගමික පුනර්ජීවනවාදය, ජනවාර්ගික අනන්‍යතාවය හා දේශපාලන ව්‍යාපාර අතර සම්බන්ධතා මෙන් ම ධනේශ්වර ස්ත්‍රිය මතුවීම සහ ධනය තවදුරටත් සංකේන්ද්‍රණය වීමට තුඩු දුන් "විවාහ කාටල" ද සාකච්ඡා කරයි.

මෙම කෘතිය, බටහිර සංස්කෘතිය හා ජීවන විලාස වැළඳගත්තාවූත් යටත්විජිත පාලකයින් සමඟ මූලික වශයෙන් සහයෝගී වූත් මුදලිවරුන්, වෙළෙන්දන්, මත්පැන් රේන්දකරුවන්, වතු අයිතිකරුවන් හා වෘත්තිකයින් ගෙන් සමන්විත වූ ධනේශ්වරයේ බදුකාර ස්වභාවය ගැන අවධානය දක්වයි. තවදුරටත් ධනේශ්වර සංවර්ධනය ඇති කිරීම, ඉඩම් අත්පත් කර ගැනීම සහ සමාජ තත්ත්වය ගැන ධනේශ්වරයට පැවැති උමතුව සහ පන්තියක් ලෙස එයට පැවති විඥානය විශේෂයෙන් ම දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්න එය අවධානයට ලක් කරයි.

ISBN
9789559102854
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොක්කන් ලොක්කන් වූ වගයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.