Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ
About this book

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ “සෝරෙය්‍ය” නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. මුන් වහන්සේ ජනයා අතර වඩා ප්‍රකට වූයේ පැවිදි වීමට පෙර ගිහි කාලයේ දී ලිංග විපර්යාසයක් සිදු වීම නිසාවෙනි. මෙයින් ම මේ සසරෙහි ඇති නින්දිත බව බිහිසුණු බව තුච්ඡ බව අස්ථිර බව මැනවින් ප්‍රකට වේ. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙණ දෙයි.

එනම්, නිකෙලෙස් උතුමන් කෙරෙහි අනවශ්‍ය විකෘති හැඟීම්, බැඳීම් ඇති කර ගැනීමේ ආදීනවය අතිමහත් බවයි. එසේ ම වරද වරද ලෙස දැක නැවත එම වරද නොකිරීමට වග බලා ගෙණ ධර්මාවබෝධය පිණිස සිත මෙහෙයවාලීමයි. රාගය නිසා ජීවිතය කොපමණ පහත් අඩියකට වැටී ගිය ද පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්‍වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.

කරුණු මෙසේ පවතින බැවින් සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ ගේ මේ උතුම් චරිතය අප හට නොයෙක් අයුරින් වැඩ දායකවේ. එබැවින් “මේ චරිත කථාව ප්‍රමාණයෙන් ඉතා කුඩා එකක් ය. මෙහි ඇති දෙයක් නැතැ”යි නොසිතා සැදැහැ සිතින් යුතු ව ම කියවා කුසල කර්මයන්හි නිරත වීමට ත් වහ වහා මේ ඝෝර භයංකාර සංසාරයෙන් නිදහස් වීමට ත් උත්සාහවත් විය යුතුයි.

ISBN
9786245710577
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.