Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන - Politics / ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්

ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්

About this book

මිනිසා සතු පරමාධිපත්‍ය බලය වන්නේ ඡන්දය භාවිත කිරීමේ හැකියාවයි. පාලකයාව ගෙදර යැවිය හැකි අවිය ලෙස ද මෙය හඳුන්වා දිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලික අංග ලක්ෂණයක් ලෙසද ජනතාව සතු ඡන්ද බලය දැක්විය හැකිය. 2024 යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ වර්ෂයකි. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමෙන් නොසිතූ බල පෙරළියක් වූ වර්ෂයක් ලෙස ද කීවාට වරදක් නොමැත. එබැවින් මැතිවරණ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ජනතාව සතුව තිබිය යුතුය යන්න අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (B.A.) උපාධිධරයෙකු හා කැලණි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (M.A.) උපාධිධරයෙකු මෙන් ම ප්‍රවීණ ගත් කතුවරයකු වන අතුල ප්‍රේමරත්න මහතා විසින් කාලෝචිතව රචිත "ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්” නමැති මෙම ග්‍රන්ථය තුළින් ශී ලංකාවේ එතෙක් මෙතෙක් පැවති ජනාධිපතිවරණ සහ මහමැතිවරණවල ප්‍රායෝගික දත්තයන් විශ්ලේෂණය කරමින් තුලනාත්මක විග්‍රහයක් ඉතාමත් සරලව එතුමාගේ දේශපාලනය පිළිබඳ හසල දැනුම කැටි කොට සාර්ථකව ඉදිරිපත් කර ඇති ආකාරය ඉතා අගනේය. මෙම ග්‍රන්ථය දැයට දායාද කිරීම සම්බන්ධයෙන් එතුමාට ස්තුති පූර්වකව මම සුභාශිංසන පතමි.

- සමුදී සත්සරා කුලරත්න

නීති පිළිබඳ ශාස්ත්‍රපති (එක්සත් රාජධානිය) ,අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ,නීතිවේදී ගෞරව (කොළඹ විශ්වවිද්‍යාලය) ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ප්‍රසිද්ධ නොතාරිස්, දිවුරුම් කොමසාරිස් සහ සමාගම් ලේකම්

Details
ISBN
9789557012322
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්

Reviews are published once a member of our team has read them.