ශ්රී ලංකාවේ නිර්විෂ සර්පයෝ
මෙම කෘතියෙහි කර්තෘ, ලෙස්ලි පෙරේරා මහතා විශ්රාම ලත් බැංකු නිලධාරියෙකි. ඔහු විසින් මීට පෙර උග්රවිෂ, මදවිෂ හා සුළුවිෂ සර්පයන් පිළිබඳව විද්යාත්මක කරුණු ඇතුළත් කෘති කිපයක් ප්රකාශයට පත් කර ඇත. මෙවර ඔහු ඔබ වෙත ඉදිරිපත් කරන්නේ, ශ්රී ලංකාවේ දිවිගෙවන නිර්විෂ සර්පයන් පිළිබඳව ලියවුන මෙම කෘතියයි. ඇතැම් මිනිස්සු සර්පයන්ට ඇති බිය නිසා එම ජීවීන් විනාශකර දමති. මෙහි හඳුන්වාදෙන සර්පයන් විෂ නොවන බව දන්නේ නම්, මිනිසුන් විසින් එම ජීවීන් විනාශ නොකරනු ඇත. එම සත්වයන්ද පරිසරයේ කොටස් කරුවන් බැවින්, ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය, සබුද්ධික මිනිසුන් වන අප විසින් ආරක්ෂා කළ යුතු වේ.
මෙම කෘතිය තුළින් හඳුන්වාදෙන සර්පයන්ගේ ජීවන රටාවන්, චර්යාවන්, වංශය, කුලය, විද්යාත්මක නාමයන් විස්තර කර ඇති අතර, ඔවුන්ගේ වර්ණ ඡායාරූප එක් කිරීමෙන් හඳුනාගැනීම පහසුකර ඇත. දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ වල ප්රතිපලද, මෙම කෘතිය පළකිරීමේදී ඔහුට ප්රයෝජනවත් වූ බව මම හොඳින් දනිමි.
සියලු දෙනාම සර්පයන් පිළිබඳව දැනුවත් වීම වටිනා කරුණකි. මේ මගින් සර්පයන්ගේ ජීවිත සුරැකෙනවා සේම අපගේ ජීවිතද ආරක්ෂා වේ. සර්පයන් පිළිබඳව අප දැනගත යුතු කරුණු රාශියකි. ඔවුන් උග්රවිෂ, මදවිෂ, සුළුවිෂ සහ නිර්විෂ ලෙස වෙන්කර හඳුනා ගැනීම මූලික කරුණකි. සර්ප දෂ්ටනයකදී කළයුතු දේ, නොකළ යුතු දේ, ප්රථමාධාර හා එම අනතුරු වලින් වැළකී සිටීමට අවශ්ය උපදෙස් ගැන අවබෝධයක් මෙම කෘතිය තුළින් අපට ලැබේ. මෙම කරුණු පිළිබඳව බොහෝ දෙනෙකුට එතරම් දැනුමක් අවබෝධයක් නොමැති බව, සර්ප දෂ්ටකිරීමකදී රෝහල් කරා එන රෝගීන් හා ඔවුන්ගේ භාරකරුවන් අප සමග පවසන කරුණු තුළින් මනාව අවබෝධ වේ. එම නොදැනුවත් බව, අනවබෝධය හා දුර්මත ඉවත්කර ගැනීමට මෙම කෘතිය ඔබට උපකාර වන බව මගේ විශ්වාසයයි.
එන්. කේ. අභයසිරි,
හෙද නිලධාරි (මානසිකවිද්යා - ඩිප්ලෝමා),
දිස්ත්රික් රෝහල,
වැතර - පොල්ගස්ඕවිට.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.