Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුළඟ නුඹ සහ මම - 1

සුළඟ නුඹ සහ මම - 1

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

බොරු කියන්න ඕන නෑ, ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතල තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා.

මට ආදරේ අහිමි වුනේ පොඩි කාලෙදිමයි. අම්මා මාවයි තාත්තවයි දාලා ගියාට පස්සෙ අපි දෙන්නා ගෙදර තනියම හිටියේ. අපි කතා කලේ නෑ. හිනා වුනේ නෑ. එයා එයාගේ ලෝකේ. මං මගේ ලෝකේ. අම්මගෙ ආදරේ බිදුනට පස්සෙ, මං තාත්තගෙන් ආදරයක් බලාපොරොත්තු වුනේ නෑ. මට හිතුනෙම ඒ දෙන්නා මාව හැදුවා නෙමෙයි. මං ඉබේ හැදුනා කියලා. මිනිස්සු අතරේ හැගීම් සහ බැදීම් තියෙනවා කියලා මට විශ්වාසයක් තිබුනේ නෑ. මං පොඩි කාලේ ඉදලම කාටවත් අවංක වුනේ නෑ. කාටවත් ආදරේ කලේ නෑ. කිසිම කෙනෙක් ගණන් ගත්තෙ නෑ. ඒ තමයි මගේ මදාවි නහර ගතිය. මං හිතන්නෙ, ඔයා මට ආදරේ කරන්න කලින් අනුකම්පා කලා. මං ඒකට කැමැත්තකින් නෙමෙයි හිටියේ.

ISBN
9786246417550
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුළඟ නුඹ සහ මම - 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.