සුමේධානන්දය
“බලන්න ඉතිං… එදා අවුරුදු ගණනාවකට කලින් ඒ කියන්නෙ අවුරුදු කීයක්ද… අවුරුදු විසි නමයකට විතර කලින් මම ගෙදරින් පැනලා ආවේ ඇයි…? මට වැදිච්ච අසාධාරණ ගුටි මුරේට… ඇතිවෙච්ච කලකිරීම නිසා උත්තේජනය වෙලා… ඒක හරිම ස්වාභාවික දෙයක්… නව යෞවන වයසෙදි දරුවෙක් කැමති නෑ අනිසි ආධිපත්‍යය කවුරුහරි තමුන් කෙරේ පතුරනවාට… වැඩිහිටියො මේක තේරුම් ගන්නෙ නැති එක තමා ලොකුම ව්‍යසනය… දරුවො වරදට නොසරිලන දඬුවම් ප්‍රතික්ෂේප කරනවා… මේ සදාචාර වර්ධනය ගැන පරීක්ෂණ කීපයක්ම කළා පියාජෝ කියන මනෝ වෛද්‍යවරයා… එයාගෙන් පස්සේ සදාචාර වර්ධනය ගැන පර්යේෂණ පැවැත්තුවා ලොරන්ස් කොල්බර්ග් කියන මනෝ වෛද්‍යවරයා… එයාට අනුව ශාරීරික දඬුවම් දීම හරිම අපරාධයක්… වැරදි වටහලා දීලා පෙන්නලා දීම අවවාද කිරීම තමා වැදගත්…”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.