Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුපුරුදු කතාවක්

සුපුරුදු කතාවක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

“The Same Old Story” නවකථාව රචනා කරමින් සිටි අතරවාරයේ ස්වාභාවික ව ම මගේ මනසෙහි වූයේ මා පිළිබඳ කරුණු ය; මා හා සමාන වූ වෙනත් පුද්ගලයන් පිළිබඳ කරුණු ය. ඒ පුද්ගලයෝ නිවෙසෙහි දී ම, නැත හොත් විශ්වවිද්‍යාලයක දී අධ්‍යාපනය ලැබූ පුද්ගලයෝ වෙති. ඔවුහු නොදියුණු ග්‍රාමීය ප්‍රදේශවල කාරුණික මවක ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවූවෝ වෙති. හිටි හැටියේ ඒ සුවදායී පරිසරයෙන් ද, නිවෙසෙහි සැපවත් දිවියෙන් ද ඉවත් කරනු ලැබ, ඔවුහු සෝ කඳුළින් සපිරි සමුගැනීම්වලින් අනතුරු ව, සියලු ක්‍රියාකාරකම් සිදු කැරෙන ප්‍රධාන ක්ෂෙත්‍රෙය් වූ පීටර්ස්බර්ග් පුරවරයෙහි පෙනී සිටිනු පිණිස පිටත් කැර යවනු ලබති. මෙහි දී ස්වප්නමය ලෝකයක, සුවදායී වට පිටාවක දිවි ගෙවන තරුණ බෑනා කෙනෙකු හා ප්‍රායෝගික දෘෂ්ටියකින් හෙබියා වූ වානිජවාදී බාප්පා කෙනකු අතර සම්මුඛවීමක් කාර්යබහුල පීටර්ස්බර්ග් නගර පසුබිමෙහි දී සිදු වෙයි.”


- ගොන්චරෝවු (Better Late than Never)

“...Goncharouv’s The Same Old Story is the talk of Petersburg - An enormous success! Everyone likes it… and indeed his talent is remarkable. It seems to me that his main characteristic, his personality, as it were, is the complete lack of scholasticism, bookishness and literary pretensions… And What a service his book does to society! What a fatal blow to romanticism, vague aspiration, sentimentality, provincialism…”


- V. G. Belinsky

ISBN
9789556565812
පිටු ගණන (Pages)
574
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුපුරුදු කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.