ස්වාරක්ෂකයෝ
ජෝඩි කෙනසි - මාරාන්තික ලියුකීමියා රෝගය වැළඳී මරණයට දින ගණින දොළොස් හැවිරිදි දරුවෙක්.......
ඩේවිඩ් කෙනසි - සියදරුවා මරණයෙන් ගළවා ගැනීම පිණිස නැනෝ තාක්ෂණය සහ ඉංජිනේරු ශිල්පයේ ප්‍රතිභාව සම්මිශ්‍රණය කරමින් විප්ලවීය ප්‍රතිකාරයක් සොයා පරීක්ෂණ පවත්වන ජෛව හා රසායන විද්‍යාව පිළිබඳ හසල දැනුමැති විද්‍යාඥයෙක්........
ජෙරමි ඩොර්මන් - වැරැදි ඖෂධ නිදර්ශකයක් ශරීරගත කරගැනීම නිසා ස්පර්ෂ කරන්නන් සියල්ලන්ටම ක්ෂණික මරණයක් දායාද කරන විද්‍යාගාර සහායකයෙක්........
මානව සංහතියේ ගමන් මග වෙනස් කරන මේ සුවිශේෂී ප්‍රතිකාරය නිර්මාණය වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ ඉහළ පෙළේ කුමන්ත්‍රණයක්........
ඬේනා ස්කලි සහ ෆොක්ස් මෝල්ඩර් - මේ සියලු අභිරහස් සොයා සිය නිස ග හැකියාව මෙහෙයවන එෆ්. බී. අයි නියෝජිතයින් දෙපළක්.........
අවසානය කුමක් විය හැකි ද?
මේ ග්‍රන්ථයෙන් ඉහත ප්‍රශ්න සියල්ලටම විසඳුම් ඔබට හමුවෙයි. වෛද්‍ය විද්‍යාවේ අනාගත හැඩරුව, කුමන්ත්‍රණයේ බිහිසුණු බව මෙන්ම තියුණු ඉවක් සහිත මෝල්ඩර් සහ ස්කලී ගේ විශ්මිතපරීක්ෂණ සහ නිරීක්ෂණ හැකියාව පිළිබඳව කදිම විවරණයක් 'ස්වාරක්ෂකයෝ' සමඟ ඔබට හමුවෙනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.