My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
ගැටවර වියේ පසු වූ ටාර්සන්, මහා වානරයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වූයේ ය.
එ සේ වුව ද, ඔහුට නිරන්තරයෙන් ම ඇසුරු කිරීමට ලැබුණේ ඒ මහා වානරයන් ම ය.
ඒ නිසා ම ඔහුගේ හිතවත් මිතුරෝ වූවෝ ද ඔවුහු ම ය.
ඔවුන්ගේ ජීවිත ප්‍රචණ්ඩ මෙන් ම සරල ද වී ය.
එහෙත් සාමාන්‍ය ළමයකුගේ ගති සිරිත්වලින් හා පැතුමින් යුත් ටාර්සන් ඉමහත් දුෂ්කරත්වයකින් ඉගෙන ගත්තේ ය.
ගැටවර වියට එළඹෙත් ම අන් සෑම මනුෂ්‍යයකුට මෙන් ම ඔහුට ද ආදරය හා ස්නේහය අවශ්‍ය වී ය.
ඔහු ඒවා ලබා ගත්තේ කෙ සේ ද?
“ටාර්සන්ගේ වනාන්තරයේ කතා” නමැති මේ පොත අතිශය චමත්කාර ජනක වන කතා දොළොසකින් සමන්විත ය.
ටාර්සන් සිය ගැටවර ජීවිතයේ දී කළ වීර වික්‍රමවලින් හා පෙම් සබඳකම්වලින් පිරි ත්‍රාස ජනක මේ කතාවලින් කියවීමේ පූර්ණාස්වාදය අපගේ පාඨක ජනතාවට ලැබෙනු ඇත.
සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.
Author | ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (36), Edgar Rice Burroughs (12) |
---|---|
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (629) |
ISBN | 9786245711185 |
---|---|
පිටු ගණන | 304 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |