ටෙඩිබෙයාර්
"කෙලී, අපි මෙතන අනතුර ගැන හොයමු ද?"
ආලින්දයේ රැඳෙන කෙලී වෙත යන ඇස්ටන්, කිසිවෙකුට නොඇසෙන ලෙස කෙලී ගෙන් විමසයි. ඇය පුදුමයට පත්වෙයි.
"ඇයි ඒ? මොකක් හරි විශේෂයක් තියෙනවද?"
"නෑ, මට මතක විදියට බෙන්බිරාගෙ අනතුර 9 වෙනි එක. ඊට කලින් අනතුරු 8 ක් ඔතනම වෙලා තියෙනවා. ඒ අට දෙනාම කිසිම තොරතුරක් නොදී මැරිලා ගියා. එන්න."
කෙලී ඇස්ටන් පිටුපසින් නිහඬව, එහෙත් දැඩි කල්පනාවක ගිලෙමින් ගමන් අරඹයි. දෙදෙනාගේ නැවතීම පරිගණකය අසලයි. අසුන් ගන්නා ඇස්ටන් තවත් අසුනක් ඇද, එය කෙලීට පෙන්වයි. පරිගණක තිරය ආසන්නයට අසුන ලංකර ගනිමින් කෙලී අසුන් ගනී.
"අපි මේවා එකින් එක බලන්න යන්නෙ, මොකද කියන්නෙ?"
"ඇස්ටන්, මේක නීති විරෝධියි. මේ අනතුරු 8 ම සිද්ධ වෙලා ඉවරයි. ඒවා ඉතිහාසයේ, අපිට බලන්න අයිතියක් නෑ."
"ඔව්. එක මම දන්නවා. ඒත් නුපර්ට කියන්නෙ නැතුව අපට මේක බලන්න පුළුවන්."
කෙලී සෙමෙන් හිස දෙපසට වනයි. එහෙත් ඇය පරිගණක තිරයට එබෙයි. යතුරු පුවරුව මත ඇස්ටන්ගේ දකුණතේ ඇඟිලි දිව යයි. පරිගණක තිරය මත දත්ත ගොනුවක් විවෘත වෙයි. රුධිරයෙන් නැහැවී, රියදුරු අසුන මතම මියගිය කාන්තාවකගේ ඡායාරූප කිහිපයක් සමග ඇගේ නම ඇලින් ජේම්ස් ලෙස සටහන් වනු කෙලී දකියි...
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.