Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ටෙඩිබෙයාර්

ටෙඩිබෙයාර්

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book

"කෙලී, අපි මෙතන අනතුර ගැන හොයමු ද?"

ආලින්දයේ රැඳෙන කෙලී වෙත යන ඇස්ටන්, කිසිවෙකුට නොඇසෙන ලෙස කෙලී ගෙන් විමසයි. ඇය පුදුමයට පත්වෙයි.

"ඇයි ඒ? මොකක් හරි විශේෂයක් තියෙනවද?"

"නෑ, මට මතක විදියට බෙන්බිරාගෙ අනතුර 9 වෙනි එක. ඊට කලින් අනතුරු 8 ක් ඔතනම වෙලා තියෙනවා. ඒ අට දෙනාම කිසිම තොරතුරක් නොදී මැරිලා ගියා. එන්න."

කෙලී ඇස්ටන් පිටුපසින් නිහඬව, එහෙත් දැඩි කල්පනාවක ගිලෙමින් ගමන් අරඹයි. දෙදෙනාගේ නැවතීම පරිගණකය අසලයි. අසුන් ගන්නා ඇස්ටන් තවත් අසුනක් ඇද, එය කෙලීට පෙන්වයි. පරිගණක තිරය ආසන්නයට අසුන ලංකර ගනිමින් කෙලී අසුන් ගනී.

"අපි මේවා එකින් එක බලන්න යන්නෙ, මොකද කියන්නෙ?"

"ඇස්ටන්, මේක නීති විරෝධියි. මේ අනතුරු 8 ම සිද්ධ වෙලා ඉවරයි. ඒවා ඉතිහාසයේ, අපිට බලන්න අයිතියක් නෑ."

"ඔව්. එක මම දන්නවා. ඒත් නුපර්ට කියන්නෙ නැතුව අපට මේක බලන්න පුළුවන්."

කෙලී සෙමෙන් හිස දෙපසට වනයි. එහෙත් ඇය පරිගණක තිරයට එබෙයි. යතුරු පුවරුව මත ඇස්ටන්ගේ දකුණතේ ඇඟිලි දිව යයි. පරිගණක තිරය මත දත්ත ගොනුවක් විවෘත වෙයි. රුධිරයෙන් නැහැවී, රියදුරු අසුන මතම මියගිය කාන්තාවකගේ ඡායාරූප කිහිපයක් සමග ඇගේ නම ඇලින් ජේම්ස් ලෙස සටහන් වනු කෙලී දකියි...

ISBN
9786245577354
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ටෙඩිබෙයාර්
This book ටෙඩිබෙයාර් වජිර කැලුම් පෙරේරා
රු. 800.00 රු. 1,000.00
ඔන්රිත් වජිර කැලුම් පෙරේරා
රු. 1,080.00 රු. 1,200.00
3 books selected
රු. 2,520.00 රු. 3,000.00
Save රු. 480.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ටෙඩිබෙයාර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.