තක්සලා මල් තුහින
About this book
එදා සඳුදා දිනයකි. විදුහල්පති අසුනේ වාඩි වී නිදා වැටෙමින් මෙන් මාගේ පැමිණිල්ලට සවන් දෙයි. එය පෙනී පෙනී මම පැමිණිල්ල ඉදිරිපත් කළෙමි. අවසානයේ ඔහු නෙත් ඇරියේය. ඔහු ශිෂ්‍යයා අමතා කොට “හෙට ගෙදරින් එක්ක එන්න පුළුවන්ද?” සිසුවා බැහැ කීවේය. “අනිද්දා? සිසු බැහැ කීවේය. විදුහල්පති දිනෙන් දින ඉදිරියට යන විට සිසුවා බැහැ කීවේය. විදුහල්පතිගේ ඉරියව්වල කිසිඳු වෙනසක් නැත. ඔහු ඉතා සන්සුන්ය. අඟහරුවාදායින් පටන් ගැනුණු ප්‍රශ්න කිරීම සතිය ගෙවී ගොස් සෙනසුරාදාය ළං විය. සිසුවා සෙනසුරාදා උදේ ගෙදරින් කැඳවාගෙන ආ හැකි බව කීවේය. “මේ ළමයා කියන්නේ සෙනසුරාදා ගෙදරින් එක්කගෙන එන්නම් කියලා” විදුහල්පති මා දෙස බලා කීවේය. විදුහල්පති ශීෂ්‍යයාට සෙනසුරාදා නවයට පාසලට ගෙදරින් කැඳවාගෙන එන ලෙස කීවේය. නැවත ඔහු මා දෙසට හැරී “ඔයා සෙනසුරාදා පාසලට ඇවිත් මේගොල්ලන්ට හම්බවෙන්න” කීවේය. “හොඳයි සර්” මම කීවෙමි. මේ තරම් අසාර්ථක අතාර්කික මිනිසෙකු යටතේ සිටීමට සිදුවීම ගැන මට දුකක් නොවීය.
Details
ISBN
9789551512057
පිටු ගණන (Pages)
99
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review