තරුවකට පෙම් කළෙමි 2
About this book
කාමරය පෙර පරිදියමය. කාමරයේ ඇති බඩු බාහිරාදිය පෙර පරිදියමය. බිත්තියේ වූ අම්මාගේ සේයාරුවත් ඇඳ මත වූ විශාල ප්‍රමාණයේ බෝනික්කාත් පෙර පරිදියමය. වෙනස් වී ඇත්තේ තමා පමණක් නොවේදැයි අමායා ශෝකයෙන් සිතුවාය. ඇය ඇඳුම් බෑගය තුළ වූ ඇඳුම් සියල්ලම ඇද ඇඳ මතට දැමුවාය. බෑගය පතුලෙහි මීට කලකට පෙර නිහාරිගෙන් හා ස්වප්නාගෙන් ඇය ලද තිළිණය විය. අමායා පෙට්ටිය ගෙන සීරුවෙන් මේසය මත තබා පියන විවර කරත්ම එහි සිටි නළඟන නටන්නට වූවාය. එහෙත් ඒ පෙර මෙන් වේගවත්ව නොවේ. බැටරි බැස තිබුණෙන් මන්දගාමීව නැටූ නළඟන අවසානයේදී නතර වන අයුරු අමායා කඳුළු පිරි දෙනෙත් අතරින් බලා සිටියාය.
Details
ISBN
9789553112514
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review