තෝන් ලනුව
වැව් බැඳී රටේ වසර හතලිහකට අධික සමාජයේ විමානව පැවති සමාජ සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කරන නිර්මාණයක් ලෙස තෝන් ලනුව හැඳින්විය හැකිය. නවකථාවක මූලික ලක්ෂණ පිළිබඳ අවබෝධයකින් නිර්මාණය ඉදිරිපත් කිරීමට කතුවරයා සමන් වෙයි. උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් රචිත ස්වකීය නිර්මාණය මගින් එයට හසු කරගන්නා කාල පරාසය තුල ගැමි බස්වහර මැනවින් භාවිත කිරීමට ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වූවකි.
එක් චරිතයක් වටා කේන්ද්‍රීයව ගොඩ නැඟෙන චරිතවල මනෝභාවයන් ඇසුරින් මානව ජීවිතය පසක් කිරිමට දක්වන උත්සාහයට වඩා කතුවරයා විවිධ සමාජ සිද්ධි හා අවස්ථා හිරූපණය කිරිම මගින් එම සමාජයේ ගතිකත්වය මෙන්ම චරිතවල අභ්‍යන්තර හැසිරීම් හිරූපණය කිරිමට සාර්ථක උත්සාහයක් ගෙන තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලද ශාස්ත්‍රිය ශික්ෂණය විවිධ වෘත්තීය පාඨමාලා ඇසුරින් වර්ධනය කර ගැනීමට සමත් වු ඔහු ස්වකීය ජීවිතයේ භාවිත අත්දැකීම් ආශ්‍රිතව අතීතාවර්ජනයක යෙදෙමින් ස්වයං කථනයක් කිරීමට වඩා අත්දැකීම් ස්පර්ෂ කිරිමට දරා ඇති උත්සාහය අගය කල යුතු තලයක පවති. මෙම අත්දැකීම් සමුච්චය මිහිස්කම විනිවිද දකින කැඩපතක් ලෙස ග්‍රාහක ආකර්ශනය ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් පෙළ ගස්වා ඇත්තේ උචින මාතෘකා සමුහයක් යටතේය.
භාෂාවේ ධ්වනිපුර්ණ ස්වභාවය පිළබඳව ගැඹුරු අවබෝධයකින් නිර්මාණකරණයට එළඹෙමින් ග්‍රාහක අත්දැකීම පුළුල් පරාසයක් ආවරණය කරන අයුරින් විස්ථාපනය කිරිමට මාහැඟි උත්සාහයක් දරයි. සරසවි අවධියේ කනාටු වු කුණාටුව කෙටි කථා සමුච්චය ඉදිරිපත් කරමින් ස්වීය ප්‍රතිභාපුර්ණභාවය ප්‍රගුණ කල කතුවරයා නිර්මාණ රැසක්ම දැයට දායාද කිරිමට සමත් වූවෙකි. ජාතික සම්භාවනාවට පත්විය හැකි නිර්මාණකරුවෙකුගේ කුසලතාව කතුවරයා තුල සැගවී තිබෙන බව ප්‍රකාශ කරන්නේ වගකීමෙනි. අධ්‍යයන සංවර්ධන ප්‍රවාහය හා බහුමාධ්‍ය භාවිනය මඟින් වියැකී යන සාම්ප්‍රදායික ගැමි දිවියේ අර්ථපුර්ණ භාවය ප්‍රචලිත කිරීමට කතුවරයා දරා ඇති උත්සාහයට සුභ පනමි. මෙයින් ලැබෙන පාඨක ප්‍රතිචාර ඔහුගේ නිර්මාණශිලි ග්‍රන්ථ කරණයෙහි දිශානතිය පුළුල් කරනු ඇති බව මගේ විශ්වාසයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.