Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

About this book
අංකය පටන් ගත්තේ බිංදුවකිනි. ඉලක්කමක මුලට බිංදුවක් ආ විට එහි කිසිම වටිනාකමක් නැත. 'හැට පන්දාස් හයසිය විසි අට...' එවිට අග පහේ ඉලක්කමක් ඉතිරි වේ. 'හය ලක්ෂ පනස් හයදාස් දෙසිය...'
'හෝව්... හෝව්...' තැපැල් නෝනා ටිකිරිගේ සාර්ථක උත්සාහයට බාධා කළාය. 'නොම්මරයක් කියවන්නෙ එහෙම නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කමට. බිංදුවයි හයයි පහයි...'
'බින්දුවයි හයයි පහයි දෙකයි අටයි පහයි...' එය නම් ඇල්වතුර මොනවාදෝ ඉංගිරිසියෙන් කියා එය ටිකිරි අතට දුන්නාය.
'හලෝ...' ටිකිරි උස් හඬින් කීවේය.
'හෙලෝ...' අමුතුම හීන් කටහඬක් සවන වැකිණි.
'කැන් අයි ස්පීක් ටු සුපිරි බන්ඩා?' මන්තරයක් මෙන් සිතෙහි ජප කළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේය.
'හූ...?'
සිහින් හඬින් ඇසුණත් හූ හඬ, හූ හඬකි. ටිකිරිගේ මනස තැපැල් කාර්යාලයෙන් මිදී මල්මීවැව මූකලානට ඉගිළුණේ විදුලි වේගයෙනි. හූ හඬ නගන්නේ අපදාවකට ලක් වූවෙකි. එයට පිළිතුරු දෙන්නා දෙවරක් සිතන්නේ නැත.
'හූ...!' ටිකිරිගේ හූ හඬින් තැපැල් කන්තෝරුව දෙදරුම් කෑවේය.
ISBN
9789553727534
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ ළමා කතා
    තැපැල් නෝනා අංකය කරකවා දුරකතනයට මොනවදෝ ඉංග්‍රීසීයෙන් කියා එය ටිකිරි අතට දුන්නාය.

    "හලෝ..." ටිකිරි උස් හඬින් කීවේය .

    "හෙලෝ..." අමුතුම හීන් කටහඬක් සවන් වැකිණි.

    "කැන් අයි ස්පීක් ටු සුපිරි බණ්ඩා" මන්තරයක් මෙන් ජපකළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේ ය.

    "හූ..."

    සිහින් හඬින් ඇසුනත් හූ හඬ හූ හඬකි. ටිකිරිගේ මනස තැපැල් කාර්යාලයෙන් මිදී මල්මීවැව මූකලානට ඉගිලුනේ විදුලි වේගයෙනි .හූ හඬ නගන්නේ ආපදාවකට ලක් වූ අයෙකි. එයට පිළිතුරු දෙන්නා දෙවරක් සිතන්නේ නැත.

    හූ........

    ටිකිරිගේ හඬින් තැපැල් කාර්යාලය දෙදුරුම් කෑවේය.

    සැවොම හැරී බලද්දි තැපැල් නෝනා රිසීවරය උදුරා ගත්තාය.

    "මොන විකාරයක්ද මේ" ඇගේ මුහුණ කෝපයෙන් ???? ගිනියම් වී තිබුනි.

    හූ කිව්වා....ඉතින් මමත් හූ කිව්වා !

    "එහෙමත් හූ කියනවද ?"

    නැතුව පුළුවන්ද, කවුද දන්නෙ වලහා බරු ගහලද, කොටියා කාලා ද , අලි රංචුවකට කොටු වෙලාද කියලා ....

    ඉතිරි ටිකත් දැන ගන්නම ඕන නම් කියවලා බලන්න...

    ගමක ජීවත් වන දරුවකු වන ටිකිරිට අහම්බයෙන් හමු වන්නේ කොළොම්පුරෙන් එන සුපර් බොන්ඩ් වයි.

    සුපර් බෝන්ඩ් රහස් පරික්ෂණ සිදු කිරීමේ නොනිමි ආසාවක පෙළෙන ළමයෙකි.තම නමත් වෙනස් කර ගන්නා ඔහු ටිකිරි හා එක්ව විසඳන අබිරහස් තුනක් මේ තුළින් ඉදිරිපත් කර ඇත.

    ළමා රහස් පරික්ෂණ කෘතියක් වන මෙය මුල් වතාවට කියවන ලද්දේ 2001 දි පමණ ය.නැවත මේ පොත සොයාගත හැකිවීම මා ලද භාග්‍යයකි.
    Ranga Yudara ·
Write a review
Write a review

You're reviewing: ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.