ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

Rating:
100 % of 100
Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
tikiri-banda-saha-supiri-banda-sudath-mannapperuma-muses
අංකය පටන් ගත්තේ බිංදුවකිනි. ඉලක්කමක මුලට බිංදුවක් ආ විට එහි කිසිම වටිනාකමක් නැත. 'හැට පන්දාස් හයසිය විසි අට...' එවිට අග පහේ ඉලක්කමක් ඉතිරි වේ. 'හය ලක්ෂ පනස් හයදාස් දෙසිය...'
'හෝව්... හෝව්...' තැපැල් නෝනා ටිකිරිගේ සාර්ථක උත්සාහයට බාධා කළාය. 'නොම්මරයක් කියවන්නෙ එහෙම නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කමට. බිංදුවයි හයයි පහයි...'
'බින්දුවයි හයයි පහයි දෙකයි අටයි පහයි...' එය නම් ඇල්වතුර මොනවාදෝ ඉංගිරිසියෙන් කියා එය ටිකිරි අතට දුන්නාය.
'හලෝ...' ටිකිරි උස් හඬින් කීවේය.
'හෙලෝ...' අමුතුම හීන් කටහඬක් සවන වැකිණි.
'කැන් අයි ස්පීක් ටු සුපිරි බන්ඩා?' මන්තරයක් මෙන් සිතෙහි ජප කළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේය.
'හූ...?'
සිහින් හඬින් ඇසුණත් හූ හඬ, හූ හඬකි. ටිකිරිගේ මනස තැපැල් කාර්යාලයෙන් මිදී මල්මීවැව මූකලානට ඉගිළුණේ විදුලි වේගයෙනි. හූ හඬ නගන්නේ අපදාවකට ලක් වූවෙකි. එයට පිළිතුරු දෙන්නා දෙවරක් සිතන්නේ නැත.
'හූ...!' ටිකිරිගේ හූ හඬින් තැපැල් කන්තෝරුව දෙදරුම් කෑවේය.
Author සුදත් මාන්නප්පෙරුම - Sudath Mannapperuma (1)
Publisher මියුසස් පොත් - Muses Books (100)
More Information
ISBN 9789553727534
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා
Back to Top