Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / උපමා ජනකතා

උපමා ජනකතා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
කිසියම් රටක ජන ජීවිතය හැදෑරීමේදි එරට වැසියාට ජනශ්‍රැතියෙහි පවතින ජනකතා, උපමාකථා ආදිය බෙහෙවින් වැදගත් වේ.ජනශ්‍රැති විද්‍යාවෙහි සාම්ප්‍රදායික ඥානය ගැබ් ව ඇති මේ කතාන්දරය ඒ ජනසමාජයේ වෙසෙන ජනතාවගේ සාරධර්ම, ආකල්ප, විශ්වාස සහ තන්වැසි නුවණ පිළිබඳ කැටපතක් වැන්න. විදග්ධ සාහිත්‍යයෙන් වෙන් වන මේ ජනකථා හා උපමාකථා බොහොමයකම අඩංගු වුයේ ලෝකෝත්ර සැප සම්පත් කෙරෙහි අවදානයකට වඩා එදිනදා ජීවිතය කරදරයෙන් හිරිහැරයෙන් තොරව ගෙවීමට අවශ්‍ය උපදෙස් හා පාඩම් ආදියයි.මේවායේ රචකයන් කවුරුන් දැයි නොදනිමු.එක් පරම්පරාවක පවතින කතාන්දරය අනෙක් පරම්පරාව වෙතට ලැබෙන්නේ වාචික ව ය. මෙහිදී දමහර කොටස් මඟහැරී ගොස් කලින් කල සමාජයික අවශ්‍යතාවලට සරිලන සේ අලුත් කොටස් එකතු වේ.මෙසේ කලක් ගතවෙත්ම අපට ඉතිරි වන්නේ ඒ කතාවෙන් කියැවෙන ආදර්ශය හෝ උපහැරණය පමණි.එයට මුල් වු ජනකථාව සොයාගැනීමට ඉතා අපහසු කාර්යයකි.අප අතර ඇති උපහැරණ රාශියකට පදනම් වු කථා වස්තු ඇත ද අප දන්නේ ඒවායින් කීයෙන් කීය ද? ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතාගේ මේ උපමා කතා එකතුව දැනට අප අතර පවතින උපහැරණ හා ආදර්ශ පදනම් කොට ගත් ජනකතා එකතුවක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ජනශ්‍රැතියෙහි එන ප්‍රස්තාව පිරුළු පිළිබඳ ව පුළුල් පර්යේෂණයක් කළ පසුව එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්ය උපාධිය සඳහා සම්භාව්‍ය සාහිත්‍ය පර්යේෂණයක් කළ උගතෙකි.ගත් කතුවරයෙකි.ඔහුගේ මේ කෘතිය වැඩිහිටියන්ට මෙන්ම යෞවනයන්ට ද එක සේ රස විඳිය හැකි ආකාරයට රචනා වී තිබීම මෙහි විශේෂත්වයක් ලෙස මම දකිමි.තමා ලියු ග්‍රන්ථ සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි කොට ගත් අලවත්තගේ මහතා ජනප්‍රිය ගීත රචකයෙකි.රාජ්‍ය සේවයේ පරපාලන නිලධාරියකු වු ඔහු ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නාගරික ලේකම් තනතුරේ සිට විශ්‍රාම ලැබී ය.ඔහු දැනට රාජ්‍ය සාහිත්‍ය අනුමන්ඩලයේ සභිකයෙකු ලෙස කටයුතු කරයි.
ISBN
9552017572
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උපමා ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.