Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උරුම්

උරුම්

About this book

පහල වූ තුරුගොමු අතරින් ප්‍රාකාරය ඉදිරිපිට භූමියට දෙදෙනෙකුගේ ආගමනය සිදුවිය. එකෙක් යගදාවක් අත දරා ගත් දැවැන්ත වානරයෙකි. අනෙකා රාමයන්ගේ සොයුරු ලක්ෂ්මන බව රැද්‍රික හැඳින්නේය. 

"අපි ආවේ මිත්‍රත්වය වෙනුවෙන්"

"බොහොම සනිතෝසයි ලක්ෂ්මන. නමුත් ඔබ පසුපස සැඟවී සිටින අවි දැරූ දහසක් පමණ වානර සේනාවක්.. ඔවුන් සාමයේ පණිවිඩය රැගෙන ආ දූතයන්ද? "

ලක්ෂ්මනගේ ප්‍රකාශයට සරදමකින් පිළිතුරු ලැබෙත්ම ලක්ෂ්මන කෝප වූ බව පෙනිණ. නමුදු ඔහු තම කෝපය මොහොතකින් යටපත් කර ගත්තේය. 

"සාමයේ පණිවිඩය නුඹේ මවු රාජ්‍ය යේ ලංකේශ්වරයන් උදෙසා නොවේ. ඔබ උදෙසායි. ලංකේශ්වරයන් සීතාවට කළ අසාධාරණය නුඹ දැනටමත් දන්නවා ඇති."

රුද්‍රිකයන්ගෙන් සරදම් සහගතව සිනහවක් නැගිණ.

"මා ලංකේශ්වර රාවණයන් නොවීම ගැන සතුටු වනු නීච දේව ගෝත්‍රිකය. නුඹ සීතාවට වූ අසාධාරණය ගැන කතා කරන්නට තරම් ලැජ්ජා නැති වීමයි සිනහවට කාරණය. කශේරුකාවක් ඇතිනම් වහා ගොස් සුපර්ණිකාවට වූ අසාධාරණය වෙනුවෙන් පාපිෂ්ඨ දේව ගෝත්‍රික කාමාතුරයා වනසා ආපසු මෙහි එනු. ඉන් පසුව නුඹට සීතා ගැන කතිකා කළ හැකියි. "

 

Details
ISBN
9786245663767
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: උරුම්

Reviews are published once a member of our team has read them.