Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / වරිගපූර්ණිකාව

වරිගපූර්ණිකාව

About this book

යමක් සත්‍ය හෝ අසත්‍ය වන්නේ විද්‍යාත්මකව බවත් විද්‍යාත්මකව තහවුරු වන තුරු කිසිවක් සත්‍ය හෝ අසත්‍ය නොවන බවත් වර්තමානය පිළිගන්නා සත්‍යයයි. රාවණ ඉතිහාසය විද්‍යාත්මකව මේ වන තෙක් සත්‍ය හෝ අසත්‍ය යැයි තහවුරු කර නොමැති වුවත් ඒ පිළිබඳ සවිඤ්ඤාණික වන විද්වතුන්ට විවෘතව මෙන්ම මධ්‍යස්ථව එම ඉතිහාසය විචාරය කළ හැකි ග්‍රන්ථයක් වශයෙන් වර්ගපූර්ණිකාව හඳුන්වා දිය හැකිය.

අද්‍යතන ජන සමජයේ විවිධ අවස්ථාවලදී මේ පිළිබඳ සාකච්ඡා කරන අවස්ථා දැන් දැන් සුලබ වෙමින් පවතී. මෙවන් වකවානුවක රාවණ ඉතිහාසය පිළිබඳව පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ලිඛිත සාධක සොයා යන, ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට අසන්නට ලැබෙන මූලාශ්‍රය ග්‍රන්ථයකි, ”වරිගපූර්ණිකාව”.

සිතා මතා වළ දැමුවේ යැයි විශ්වාස කෙරෙන හෙළ ඉතිහාසයේ පරම හිමිකරුවන් වන යක්ෂ ගෝත්‍රික ජන සමාජයේ 'මහ වංශය’ ලෙස සැලකෙන මෙම ග්‍රන්ථය "හිරුගොත් පරපුර” හෙවත් රාවණ පරම්පරාව පිළිබඳව ඓතිහාසික වටිනාකමක් සහිත ලිඛිත සාධක රැසක් අන්තර්ගත වූවකි. තද් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයන කරමින් බොහෝ කෘති සම්පාදනය කළ මෙම ග්‍රන්ථ කතුවර මානෑවේ විමලරතන හිමි සහේතුකව තම අදහස් සනාථ කිරීමේ ප්‍රයත්නයක නියැළි සිටියි. උන්වහන්සේ විසින් සංස්කරණය කරන ලද අතීතයේ විසු සුජාත හෙළයන්ගේ හෘද සාක්ෂියෙන් නැඟෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වර්ගපූර්ණිකා ග්‍රන්ථය අතීතයට අයත් වර්තමානයේ අනාගත උරුමය සොයා යන විද්වත් සමාජයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන දුර්ලභ ග්‍රන්ථයකි.

ඩබ්. එම්. කල්‍යාණි විජේසුන්දර ජෙෂ්ඨ කථිකාචාර්ය

සිංහල අධ්‍යයනාංශය

Details
ISBN
9786246363000
පිටු ගණන (Pages)
165
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: වරිගපූර්ණිකාව

Reviews are published once a member of our team has read them.