Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

VICTIMS

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අහිමිව ගිය ප්‍රේමයෙන් සෝදාපාළු වී ගිය සිත කොතැනකවත් අලවා නොගෙන වසර දෙක තුනක් ගෙවූ ඇයට මේ සිදුවූ අහඹුව තවමත් සිතාගැනීමට නොහැකි පුදුමයකි. නිරංගව පළමුවරට දුටු දින ඔහු වෙත පෑ රළු ප්‍රතිචාරය වෙනස් කරන්නට තමා ගත් තීරණය ඔහුව මේ තත්ත්වයට පෙලඹවීමට ඉඩ ඇති බවට අවබෝධයක් එවෙලෙහි ඇයට තිබුණේ නැත. එහෙත් එය එසේ වන්නට යන බවට ඉංගිතයන් සම්මුඛ වන්නට වූ කල තමාද ඔහුව ඊට පොලඹවනසුලු ප්‍රතිචාර දැක්වූ බව ඇය පිළිගන්නීය. දැන් ඇය විඳවන්නේද එම හේතුව නිසාමය. නිරංගට තම සිත තුළ ඉඩක් වෙන්වී තිබුණද, ඒ ඉඩට ඔහු ඇතූළු කරගන්නට ඇය තවමත් ඉන්නේ විචිකිච්ඡාවෙනි. දෙගිඩියාවෙනි. අහිමිව ගිය ප්‍රථම ප්‍රේමයට ඉඳුරාම වෙනස් වූ මෙම නවමු පෙම පිළිගන්නට සිතේ එක් පසක් බලකරද්දී, අනෙක් පස ඊට විරුද්ධව නැගීසිටියි. පැරැණි පෙම පිළිබඳ සිතුවිලි සිතට බලහත්කාරයෙන් _ ගෙන එන්නට තැත්කරයි. ඒ මඟින් නිරංග කෙරෙහි ඇගේ සිත බිඳවන්නට තැත්කරයි. එක සිත දෙතැනක නතරවී කරන මේ විගඬම දැන් දින දෙක තුනක සිටම ඇගේ නින්දද සැනසීමද වනසා දමා අවසානය.

සිය නැගණියගේ සියදිවි නසාගැනීමට හේතූ සොයන තරුණයෙක්... ඔහුගේ පිහිටට එන, විරහ වේදනාව හදෙහි ගුළිකරගත් යුවතියක්... ඔවුන්ගේ ජීවිත කෙසේ නම් එකිනෙකාගේ ජීවිත මත අතිපිහිත වේවිද? සිය බලාපොරොත්තු සඵල කරගැනීමට ඔවුන්ට හැකිවේවිද?

VICTIMS අසම්මත ඉරණමක වින්දිතයෝ

ISBN
9786246743567
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: VICTIMS

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.